එක්සත් ජනපද ජනාධිපතිවරයාට කොවිඩ්-19 ආසාදනය වීම දේශපාලන කාරණයක් නොවන බව ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්රටික් පක්ෂයේ ජෝ බයිඩන් අවධාරණය කරයි.
"මෙය දේශපාලනයේ කාරණයක් නොවෙයි. මෙය නව කොරෝනා වෛරසය අප බැරෑරුම් ලෙස ගත යුතු බව අප සැමට මතක් කර දෙන සිහි කැඳවීමක්. එය ඉක්නින් පහව යන වෛරසයක් නොවන බව අප සියලු දෙනා තේරුම්ගත යුතුයි" බයිඩන් මිචිගන්හිදී වැඩිදුරටත් පවසා සිටියේය.
මුඛ ආවරණ පැලඳීම වැනි වෛරසයෙන් ආරක්ෂා වීමට දැනට ඇති එකම හා යෝග්‍යතම සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් සමච්චලයෙන් කතා කරන බොහෝ දෙනෙකුගේ අවධානයට මෙය යොමුවිය යුතු කරුණක් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.