තමන් භාරගත්තේ උතුරු හා නැගෙනහිර ඡන්ද ව්‍යාපාරය බවත් එහි ඡන්ද ප්‍රතිශතය ඉහළ නැංවීමට හැකිවූ බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද සිරිකොතදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“මම භාර ගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩිකරන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට දැකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩුවුණා.ඒක පරාජයට හේතුවුණා.
අපි දිස්ත්‍රික්ක කිහිපයක් ජයග්‍රහණය කළාට සමස්තයක් ලෙස පරාජයට පත්වුණා. දැන් විශේෂයෙන්ම අපිට පෙනෙන හැටියට එක අතකින් අපි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම,විශාල සංවර්ධනයක් ඇති කිරීම, නීතිය සාමය ඇති කිරීම, සමාජ සේවා දියුණු කිරිම ඒ එකකින්වත් අපිට බලාපොරොත්තුවුණ ප්‍රතිචාර ලැබුණේ නෑ.”
