මම පොහොට්ටුවේ කියන්න බය නෑ - රෝහිත
තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24දා) පැවසීය.
ඒ ගැන පැවසීමට තමන් බිය නොවන බවත් මේ දිනවල පොදුජන පෙරමුණේ නායකයන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම් සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙන බවයි.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රුපියල් මිලියන 5000,10000 බැගින් ලබාගත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සිටින බවද ඔහු කීය. නව රජයේ ඇමතිවරුන් සංඛ්‍යාව 30ට වඩා වැඩි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ගවලට පිවිසෙන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
-
Nandana Monday, 24 December 2018 01:36 PM
mr.chain
Reply : 0 2
Champa Monday, 24 December 2018 02:19 PM
මහින්ද පොහොට්ටුවේ අනිත් ලනු කෑවට මේ ලනුව නම් කන එකක් නැහැ කියලා හිතනවා. කාලෙක ඉඳන් කියනව වගේ මහින්දව විශ්‍රාම යවන්න සෑහෙන පිරිසකට ඕනේ වෙලා තියෙනව. හැබැයි ගන්න ප්‍රයෝජනේ අරගෙන. පොහොට්ටුව හැදුවේ මහින්ද වෙනුවෙන් නෙමෙයි බැසිල් වෙනුවෙන්. කලින් කියපු එකක් ආපහුත් කියනවා. වටේ ඉන්න පිරිස් පැහැදිලිවම කොටස් දෙකක්. එක පිරිසක් මෛත්‍රී සහ ගෝඨාභය එක්ක ජනාධිපති තනතුර ගන්න හිතනවා. අනිත් පිරිස බැසිල් එක්ක පොහොටුව්වට පාර්ලිමේන්තු බලය අල්ල ගන්න හිතනවා. ජී එල් මහින්දට දීපු දිරච්ච ලනු ගොඩට සම්මානයක් ලැබෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලනු දෙන්නේ ඇත්තටම ජී එල් ද නැත්නම් ජී එල් ලව්වා වෙන කෙනෙක් ලනු දෙනවද කියල. චන්ද්‍රිකාගේ කාලේ ඉඳන් මහින්දට කටු ගැහැව්වේ ඇතුලෙන්මයි. 2005, 2010 විතරක් නෙමෙයි 2015 චන්දෙදිත් ඒව වුනා. මේ හැම වතාවෙම මහින්ද වටා හිටපු පිරිස් යටින් අනිත් පැත්තේ අපේක්ෂකයාට උදව් කළා. ඊළඟ වතාවේදීත් වෙන්නේ ඒකමද? අනිවර්යයයෙන්ම ඔව්. මහින්ද ඊළඟ ජනාධිපතිවරනෙට දාන මිනිහවත් යටින් පරද්දන්න ආපහුත් ළඟ ඉන්න පිරිසක් වැඩ කරනවා. ඒ හින්ද ඒ ගැන දැනගෙන ඉන්න එක හොඳයි. හැබැයි මොකක් වෙයිද අන්තිමට? කල් වැඩියි කියන්න.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

