මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි - ගෝඨා
තමන් මේ වන විට ඇමෙරිකානු පුරවැසියෙක් නොවන බවත් ලංකාවේ පුරවැසියෙක් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 සංවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඇමෙරිකානු පුරවැසිභාවය කියන්නේ මගේ පුද්ගලික දෙයක්. ඕනෑම පුද්ගලයෙකුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ක්‍රියාමාර්ගය ඒ අය පැහැදිලි කරලා තිබෙනවා.
ඒක හරි සරළ දෙයක්. මට අවශ්‍ය වුණා ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට. මම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගිහින් ඒක ප්‍රකාශ කළා. ඒ අය මට ඉල්ලුම්පත්‍ර භාර දුන්නා.
එම ඉල්ලුම් පත්‍ර පුරවලා භාර දුන්නට පස්සේ යන ක්‍රමවේදයට ගිහින් මුලින්ම මුදල් ගෙවන්න ඕන. ඒ මුදල ගෙව්වට පස්සේ ඒ අය ක්‍රමවේදය ආරම්භ කරනවා.
තානාපති කාර්යාලයට එන්න කියලා මම පුරවැසියෙක් නෙමෙයි කියලා දිවුරුමක් දෙන්න ඕන. ඒක කළාට පස්සේ මගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ සහතිය භාර දුන්නා.
මම ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබාගත් ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය තුළ අවලංගු කර තිබෙනවා. මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.
මම මේක විස්තර කරන්නෙත් මට චෝදනා කරපු අය නිසා නෙමෙයි. ජනතාව අතර සැකයක් ඇති කළා නම් ජනතාවගේ දැන ගැනීම සඳහා පමණයි”

popular news
-
rocky Tuesday, 12 November 2019 09:23 AM
ඔබ කියනකතාව පිලි ගන්නකියලද අපට කියන්නේ? හිතුවා ද අපි කකුල් දෙකේ මීහරක්ය කියල? රාජපක්සලා අවනීතික වැඩ බොහොමයක් කරලා තියනබවකවුරුත් දන්නවා. කොටින්ම ඔහෙලගෙ කට්ටිය හිතාගන ඉන්නවා ඇත්තේ ඔහෙලා තමයි නීතිය කියල.
Reply : 0 5
විතාන Tuesday, 12 November 2019 09:59 AM
පුරවැසිබාවය ඉවත් කරපු සැනින් ඒක පත්තරේ වැටෙන්නේ නැහැ. ඇමරිකාව හිතා මතාම ගෝටගේ නම ලැය්ස්තු ගත කිරීම ප්‍රමාද කරලා වගේ. මේ සදහා සමහරවිට අවුරුද්දක විතර කාලයක් යන්නත් පුළුවන්. ලංකාවේ උදවිය දේශපාලන වාසි අරගන්න බොරුවට දගලනවා.
Reply : 0 0
Ruwan Tuesday, 12 November 2019 12:07 PM
Boru sahathika idiripath karata wedak wenne ne.obathumata dena chandaya wedak nethi nisa ithuru 34n kaatahari chandaya denna.
Reply : 0 0
Champa Tuesday, 12 November 2019 07:07 PM
ඇමරිකානු පුරවැසියෙක් නෙමෙයි නම් කම නැහැ කියමු. හැබැයි මේ කතා විලාශය වැරදියි. ඔබ කියනවා “ඇමෙරිකානු පුරවැසිභාවය කියන්නේ මගේ පුද්ගලික දෙයක්." ඇත්ත ඔබේ පුද්ගලික වැඩ වලින් රටට වැඩක් නැහැ. නමුත් ඔබ ජනාධිපති අපේක්ෂකයෙක් නිසා, නිකම් ජනාධිපති අපේක්ෂකයෙක් නෙමෙයි වහල් ආණ්ඩුවට එරෙහි මහින්දගේ කඳවුර නියෝජනය කරන ජනාධිපති අපේක්ෂකයා නිසා ඔබේ ඇමරිකන් පුරවැසිභාවය තවදුරටත් ඔබේ පෞද්ගලික දෙයක් නෙමෙයි කියන එක ඔබ මතක තිය ගන්න ඕනේ. ඔබට චන්දය දෙන නොදෙන ඕනේ ශ්‍රී ලංකික පුරවැසියෙකුට අයිතියක් තියෙනවා ඒ ගැන ප්‍රශ්න කරන්න වගේම ලංකාවේ දේශප්‍රේමී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබ බැඳිලා ඉන්නව ඒවාට උත්තර දෙන්න. දැන් ඔබ ඇමරිකන් පුරවැසියෙක් නෙමෙයි නම් දෙන්නකෝ ලිඛිත පොරොන්දුවක් ඇමරිකන් ගිවිසුම් නමින් සඳහන් කරල ඒ කියන්නේ MCC, SOFA නමින් සඳහන් කරලා MCC SOFA අත්සන් කරන්නේ නැහැ සහ ACSA අහෝසි කරනවා කියල. ඔබට නාමයෝජනා අරන් දෙන්න ලොකු සටනක් කරපු මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ මේම පොරොන්දුවක් ඉල්ලුව. ඔබ මගෑරියා.
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

