මම තාම පල්වෙලා නෑ - රන්ජන්
තමන් කළ චෝදනා ඉල්ලා අස්කර නොගන්නා බවත් තමන් දැනට පරාජය වි නොමැති බවත් නියෝජ්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
තමන්ව පක්ෂයෙන් ඉවත් කළොත් ස්වාධීනව සිටින බවත් එහෙත් පක්ෂය මාරු නොකරන බවත් රන්ජන් රාමනායක මහතා පැවැසීය.
“මම විනය කමිටුවට තොරතුරු දුන්නා. තවත් දිනයක් මට එන්න කියයි. මම (චෝදනා) ඉල්ලා අස්කර ගන්නේ නෑ. දැනට මම දිනලා තිබෙනවා. ඉස්සරහට පරදියිද කියලා දන්නේ නෑ. දැනට මම පල්වෙලා නෑ.
සමහර විට දඬුවමක් වෙන්න පුළුවන්. ඇමතිකම නැතිවුණොත් කරන්න දෙයක් නෑ. මම පක්ෂය මාරු කරන්නේ නෑ. මාව ගෙදර යැව්වොත් ස්වාධීනව ඡන්දය ඉල්ලනවා. මම පක්ෂය මාරු කරන්නේ නෑ.
ගම්පහෙන් පාර්ලිමේන්තු එන්න ඡන්ද 50000-60000ක් ඕන. මම එක ආගමක් ගැන චෝදනා කළේ නෑ. අපේ ඇත්ත කිව්වාම ඇත්ත කිව්ව පුද්ගලයාට ගහන්න යනවා. මරන්න යනවා.
මම ඡන්දය බලාගෙන බොරු කියන පුද්ගලයෙක් නෙමෙයි. මම උඩුගම් බලා පීනන කෙනෙක්. නමුත් මට ප්‍රශ්න වැඩියි. ඔය හැමෝම දන්නවා මම කිව්වේ තිත්ත ඇත්ත කියලා.”

popular news
-
Dayan Friday, 09 August 2019 09:44 AM
මේ සේරම දන්නවා මෙතුමාගේ චෝදනා නිවරදිය් කියල. එත් යම් යම් අය සනසන්න පරීක්ෂණ තියෙනවා. මොන රටක්ද මන්ද.
Reply : 1 16
Demuni de silva Friday, 09 August 2019 04:23 PM
We are with you.
Reply : 0 0
Egodaha yanno Friday, 09 August 2019 05:30 PM
Oya kamituwa දන්නේ nedda SEX ha RAPE wachana deke wenasa.
Reply : 0 0
Deepal Nirosh Friday, 09 August 2019 06:44 PM
ඔව් ඉතින් පල් කරන්න තරම් කජ්ජක් නොවෙයිනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

