මම තරම් උතුරට ගිය ජනපතිවරයෙක් නෑ
තමන් තරම් කිසිදු ජනාධිපතිවරයෙක් උතුරේ සංචාරය කර නොමැති බවත් තමන් ඒ සඳහා එක්වන්නේ එම ජනතාවගේ ගැටලු හඳුනාගනිමින් අදාළ සේවාවන් කඩිනම් කිරීමේ වගකීම නිසි ලෙස ඉටු කිරීමට බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බවත් ඉතිරි සියයට 12 ක ප්‍රමාණය ද කඩිනමින් එම ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බවත් ඔහු පවසයි.
මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (22දා) පෙරවරුවේ එක්වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.
නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුතු බවත් ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් රට ආපස්සට ඇද දැමු ම්ලේච්ඡ ත්රස්තවාදයට කිසිසේත් යළි රට තුළ ඉඩක් තැබිය නොහැකි බවද පැවැසීය.
මත්ද්‍රව්‍ය ගැටලුව පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බන්ධනාගාරගතව සිටියදී ද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයින්ට මරණීය දණ්ඩය කි‍්‍රයාත්මක කිරීම ඇතුළු නීති රීති කිසිදු පැකිලීමකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි.

popular news
-
Champa Wednesday, 22 August 2018 08:39 PM
මහලොක්ක වගේ කතා කරනවා. තමන්ට උතුරුට යන්න පුළුවන් විදියට උතුර ත්රස්තවාදීන්ගෙන් බේරා දුන්නේ හිටපු ජනාධිපතිතුමා කියන එක අමතක කරපු මිනිහෙක් රටක නායකයෙක් කියලා පිළිගන්න බැහැ. රට වෙනුවෙන් අච්චර සේවයක් කරපු රටම ආදරය කරපු නායකයාව පරද්දුවට පස්සේ මැදමුලනට යන්න හෙලිකොප්ටරයක් පාචිච්චි කළා කියලා ඒකට ඇඩුව. මේ ආණ්ඩුව පෙරලන්න ඕනේ වෙන මුකුත් නිසා නෙමෙයි හිටපු ජනාධිපතිතුමාට කරපු අවමාන, නින්දා අපහාස නිවැරදි කරන්න. අද රට මේ තරමට වත් ඉතුරු වෙලා තියෙන්නේ එතුමා u-turn එකක් ගහල නැවත ආපු නිසා. නැත්නම් ජනාධිපතියි අගමැතියි පත් වුනාට පස්සේ ජනවාරි මාසේ ආණ්ඩු කරන්න පටන් ගන්න කොට තිබ්බ වෛරේ මුළු රටම දැක්ක. පෙබරවාරි18 විමල් නුගේගොඩ රැස්වීම නොතියන්න හිටපු ජනාධිපතිතුමාව හිරෙත් දාල. එදා ආපු ජනගඟට ද්‍රෝහී ආණ්ඩුව බයවුණා. ඒ ආපු ජනතාවට මුළු රටම ණයගැතියි. මේ ආණ්ඩුව ගේන්න හවුල් වුනු හැමෝටම මිනිස්සු වෛර කරනවා. සාප කරනවා. අභයතිස්ස හාමුදුරුවෝ අරම කිව්වට විමල් කිව්වේ ජනතාව හිතන දේ. රට පාවා දීපු ජනාධිපතියි අගමැතියි ගේන්න මේ රටේ හුඟක් හාමුදුරුවරුත් දායක වුනා. අදවත් ඒ ගැන වැටහිලා තියෙන එක හොඳයි. නමුත් මිනිස්සු සමාව දෙන එකක් නැහැ.
Reply : 0 0
සෙනෙවි Saturday, 25 August 2018 07:19 PM
ජනාධිපති තුමා යාපනේ යනකොට එහේ විරෝධතා සංවිධානය කරල තියෙනව නං කොච්චර ගියත් වැඩක් වෙයිද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

