මම කොළඹ - ඔහු පොලොන්නරුවේ
තමන් නාගරීකරණය වූ කොළඹ ජීවත්වූ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ග්‍රාමීය පොලොන්නරුවේ ජීවත් වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
විදේශීය මාධ්‍ය වේදීන් හා පැවැති හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. තමා හා ජනපති අතර සංස්කෘතිකමය වෙනසක් ඇතැදැයි තමන් නොදන්නා බවත් ඔහු පැවැසීය.
මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම තවමත් අගමැති තමන් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

popular news
-
rocky Monday, 29 October 2018 02:49 PM
රනිල්ගේ පියා උගත් කෙනෙක්. කලිසම් කෝට් ඇන්දා, බටහිර තාලෙට ඉහල සමාජයේ වැඩ කෙරුව. ජනාධිපතිගේ තාත්තා එතරම් උගත් කමක් කමක් නොතිබුන ගොවියෙක්. අමුඩේ ගැහුවා.. සරම ඇන්දා. ඔන්න ඕකයි සංස්කෘතික වෙනස. ඔතනින් කෝකද වඩා හොඳ කියල මම දන්නේ නැහැ. අමුඩේ ගහගනත් පාර්ලිමේන්තු යන්න පුළුවන් බව විජයානන්ද දහනායක මහත්තය ඒ කාලේ පෙන්නලා දුන්නා නේ!
Reply : 0 1
Kumar Monday, 29 October 2018 11:22 PM
කෝට් ඇන්දත් අමුඩ ගැහුවත් රජකමේ වෙනෙසක් නෑ. ඉතිහාසයේ සදහන් අන්දමට සමහර රජවරු තමාගේ ආරක්ෂාවට රට පාවාදීල තිබෙනවා. ඒ වගේ දෙයක් තම සිදුවෙලා තිබෙන්නෙ. මට පෙනෙන අන්දමට අඩු ආසන ගණනක් ඇති පක්ෂයකට අගමැතිකමක් දීම ලකාවේ ස්ථාවරට සිදුවෙන්නෙ හානියක්. ලෝකෙවටේ සංචාරය කරන ජනාධිපති ඔහුගේ නෑ පිරිස සමග ගෙදර යවන එකතමා හොද.
Reply : 0 0
Sunil Tuesday, 30 October 2018 09:15 AM
කොහෙද ඉපදුනේ කියන එක වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ රටට ආදරේ කරන කෙනෙක්. රට පාවා දෙන කෙනෙක් නොවේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

