මම කිසිම වැරැද්දක් කළේ නෑ කියලා පොලීසියෙන් කිව්වා
තමන් වරදක් කර නොමැති බවත් තමන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙනවානම් එයට මුහුණදීමට සූදානම් බවත් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
“විශ්වාසභංග යෝජනාවක් ගේනවානම් අපි මොනවා හරි වැරැද්දක් කරලා තියෙන්න ඕන. මම කිසිම වැරැද්දක් කරලා නෑ කියලා පොලීසියෙන් කිව්වා.
පොලිස්පති කිව්වා මම ගැන මොකක් හරි චෝදනාවක් තිබෙනවානම් පැමිණිලි කරන්න කියලා. කල් දුන්නා. පරීක්ෂා කළ කිසි දෙයක් නෑ කියලා කිව්වා. කථානායකතුමාට ඒ ගැන දැනුම් දුන්නා.
ආපහු කියනවානම් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනවානම් ඒක දේශපාලන වැඩක්. ඒකට මුහුණ දෙන්න අපි සූදානම් ”
ඉදිරි මැතිවරණවලදි තම පක්ෂය කුමන පාර්ශ්වයකට සහාය දක්වනවාද යන්න පිළිබඳව හෙට (03දා) පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයක් ගන්නා බවද ඔහු පැවැසීය.

popular news
-
chris Friday, 02 August 2019 01:26 PM
පොලිසිය ,ආගමික නායකයින් ,දේශපාලකයින් ඔය කාටවත් බැහැ අල්ලාහ දෙවියන්ට ඉහලින් යන්න ,ඔයා කිසි දේකට බයවෙන්න එපා
Reply : 85 0
kapila Friday, 02 August 2019 02:19 PM
පොලිසියෙන් කියනවා සාෆිත් කිසිම වරදක් කරලා නෑ කියල.
Reply : 59 40
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

