මම ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්නවා
ඉදිරි ජනපතිවරණයට තමන් ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්ණ වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවත් ඔහු පැවැසීය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකිවූ බවත් ඔහු පැවැසීය.
ඊට පෙර සිය දේශනයේද ඔහු සඳහන් කළේ 2014 වසරේදී ඉන්දියාවේ ආණ්ඩු පෙරළිය හරහා සිදුනොවූ ප්‍රමාණවත් සන්නිවේදනය හේතුවෙන් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවලට ගැටලුවක් වූ බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Sunday, 10 February 2019 01:53 AM
දැන් ඔය කියන්නේ ඉන්දියාවට ඕනේ විදිහට නටනවා කියලද? ව්‍යවස්ථාව වෙනස් කිරීම පිටිපස්සේ ඉන්නේ ඉන්දියාව සහ බටහිර රටවල් කියන එක මුළු ලංකාවම දන්නවා. පොහොට්ටුවට හෝ ඒ එක්ක ඉන්න කාටවත් අලුත් ව්‍යවස්ථාවක් හදන්න හෝ අඩු ගානේ සංශෝධනයවත් කරන්න තරම් දැනුමක් නැහැ කියලා ඒ ගොල්ලොම ඔප්පු කරලා ඉවරයි. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරියට කියව තේරුම් ගන්න බැරි වුන නිසා තමයි ඔය පැත්තේ හැමෝම කිව්වේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් කියලා. ඒ හින්ද පොහොට්ටුව ඊලඟට ව්‍යවස්ථාවේ කරන කිසිම වෙනස් කමක් හරියට කෙරෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ රටට මහා පැටලිලි තියෙන ප්‍රශ්න තියෙන කාලයක් උදා වෙන එක සහ එයින් රට අරාජික වෙන එක. ව්‍යවස්ථාවක් වෙනස් කරනවා කියන්නේ මහා බැරෑරුම් දෙයක්. දැන් රනිල් කලබලේට කරපු දෙයින් ලංකාව රුවල කැඩුණු නැවක් වගේ එහෙමෙහේ පාවෙන එක විතරයි වුනේ. රනිල්ව එලෙව්වට පස්සේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ගිහින් තව අලුත් ප්‍රශ්නයක් හැදෙයි වගේ. අනේ ඇත්තටම ලංකාවට ඇයි මේ විදිහට හැමදාම එකක් ඉවර වෙන කොට එකක් ප්‍රශ්න හැදෙන්නේ? මේ රටේ විතරයි දේශපාලකයෝ එන එන පාරට රටේ ප්‍රතිපත්ති, අධ්‍යාපනය, නීති රීති සහ ව්‍යවස්ථාව වෙනස් වෙන්නේ.
Reply : 0 0
rocky Sunday, 10 February 2019 07:22 AM
රූකඩ නටවන්නෙක් වගෙයි නේ! ඒත් මහත්තයෝ දැන් ඒ කාලේ ඉවරයි!!
Reply : 0 2
Chithrananda Tuesday, 12 February 2019 05:12 AM
රටේ බහුතරයක් බයියන් සිටින බැවින් මෙය සිදු විය හැක.ජනතාව බුද්ධිමත් නම් මේවනවිට රට තිබිය යුත්තේ ඉහල තැනකය.නමුත් පක්ෂ සහ පුද්ගල වන්දනාවේ යෙදෙන ජනතාවක් සිටින රටක් කිසිදු දිනෙක දියුණු නොවනු ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

