මන්නාරම උදයපුරම් ප්රදේශයේදී නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරල ගංජා කිලෝ 125 ග්රෑම් 695ක් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.
පළමුව උදයපුරම් ප්රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු කේරළ ගංජා කිලෝ 5ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩිදුර ප්රශ්න කිරීම්වලින් පසුව නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාවේද සහාය ඇතිව සඟවා තිබූ සෙසු කේරළ ගංජා තොගය සොයාගැනීමට සමත්ව තිබේ.
උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහ මන්නාරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසි මෙහෙයුම් සඳහා දායකත්වය දී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පේසාලෙයි පොලීසියට භාර දීමට පියවර ගෙන ඇත.
