මන්නාරමේ එල්ලෙන පාලම අවදානමේ
මන්නාරම මඩු ප්රදේශයේ පිහිටි සංගිලි පාලම නොහොත් එල්ලෙන පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වීමෙන් එය විනාශ වී යාමේ අවදානමක් පවතින අතරම පාලමේ යකඩ තහඩු ගැලවීමේ අවදානමක්ද පවතින බවට ප්රදේශවාසීහු පවසති.
පසුගිය කාලයේ සංගිලි පාලමට පැමිණ අවට සිරි නැරඹීම සඳහා විශාල සංචාරකයින් පිරිසක් පැමිණි අතර 2016 දී මෙම ස්ථානය සංවර්ධනය කොට සංචාරක නිකේතනයක් වශයෙන්ද උතුරු පළාත් සභාවෙන් නම් කොට නඩත්තුව හා ආරක්ෂාවට උතුරු පළාත් සභාවෙන් යොදවා සිටි අතර පසුව උතුරු පළාත් සභාවේ ධූර කාලය අවසන් වීමත් සමඟ සංගිලි පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වී ඇත.
සංගිලි පාලම ඉතාමත් සංචාරක ආකර්ෂණයක් ඇති ප්රදේශයක් වන අතර මේ වන විට එහි භාරකරුවන් නොමැතිව සංචාරකයින්ද යාමට බියක් දක්වන අතරම සංචාරකයින් නොමැති වීම හේතුවෙන් ඇතැම් අබලි යකඩ ජාවාරම් කරුවන් විසින් පාලමේ ඇති යකඩ තහඩු ගැලවීමේ උත්සාහයකද නිරත වන බවට ප්රදේශවාසීහු පවසති.
මේ වන විටත් සංගිලි පාලමේ ගමන් කරන පෙදෙසේ යකඩ තහඩුවක් ගලවා ඇති අතරම ඉදිරියේදී සියලුම තහඩු ගැලවීමේ අවදානමක් ඇති හෙයින් සංගිලි පාලම ආරක්ෂා කොට තවත් වැඩි දියුණු කරන්නේ නම් සංචාරක කර්මාන්තය මගින් මුදල් ඉපයීමේ අවස්ථාවක්ද උදාවන බැවින් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී කඩිනම් පියවරක් ගන්නා ලෙසටද ප්රදේශවාසීහු වැඩිදුරටත් කියා සිටිති.


popular news
-
shan Tuesday, 09 July 2019 04:58 PM
මේක නඩත්තු කරන්න පළාත්සභාව විසුරුවනකල් උන්නේ අහවල් දේකටද අවුරුදු 5 උන්නා මේක හදාන්න තිබුනනේ මේක වසර 10 වත් අලුත්වැඩියා කරලා නැහැ පළාතේ ඉන්න දේසපලකයෝ මැරිලද ගම්වල ඉන්න දේසපලකයන්ට කඩේ යන උන් මැරිලද දැන්ද පන ඇවිත් තියෙන්නේ එක එකාට වල කපන්න උදේ හවස දේසපලයන්ව මුණ ගැසෙන්න යන මේ ගමේ ඉන්න හෙන්චයියෝ මේක දැක්කේ නැද්ද හදන්න ඕනේ නැහැ කඩා වැටුනවේ ගගෙන් බැහැල යනකොට රගේ දනේවිනේ ගමේ පාරකට වලක් හැදුණාම පස් ටිකක් දාන්න බැරි කාලකන්නි ජාතියක් ලංකාවේ ඉන්නේ මේවා නැතිවෙලා මුන් වසර 100 විතර කලින් උන්නා තැනට ආපසු යවන්න ඕනේ කාලකන්නි සේරම කරලා දෙන්න කොලබින් එනකල් කාල උඩ බලා ඉන්න එක විතරයි කරන්නේ හැබැයි ආණ්ඩුවේ රක්ෂිත කපන්නම් බොහොම දක්ෂයි ඒවා කාටත් හොරා යහමින් කරගන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

