මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ (03) දින හමුවූ බවට නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලෙමුණේ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකින් කොන්තපිඩ්ඩි ධීවර වරාය අසළ පතොක් පඳුරක් තුළ සඟවා තිබූ ජෙලිග්නයිට් කූරු තුනක් සහ සේවා නූල් සහිත විද්‍යුත් නොවන ඩෙටනේටර් තුනක් සොයා ගන්නා ලදි.
අදාළ පුපුරණද්‍රව්‍ය කවුරුන් විසින් තැබුවේදැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර නීතිවිරෝධීව මසුන් මැරීම සඳහා මෙම පුපුරණද්‍රව්‍ය තොගය ධීවරයෙකු විසින් සඟවන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
නාවික හමුදාව විසින් සිදු කරනු ලබන නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවී ඇති අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද ජෙලිග්නයිට් කූරු සහ සේවා නූල් සහිත විද්‍යුත් නොවන ඩෙටනේටර් සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු සදහා මන්නාරම පොලීසිය වෙත භාර දෙන ලදි.
