මන්ත්රීවරුන්ට මිලියන 500 යේ අල්ලස් දෙන්න හැදූ අය අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න - මනුෂ
මන්ත්රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේනත් වැඩ තහනමට ලක්වී ඇති මහින්ද රාජපක්ෂ අගමැතිවරයාත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්රීවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ අතින් සම්මාන ගැනීමට පැමිණියේ නැහැ කියලා ආණ්ඩුවේ උත්සව හෝටල්වල පැවැත්වීම තහනම් කරලා තියෙනවා. ඒක හරියට එදා ඔහු පොඩි කාලේ තාත්තා එක්ක තරහා වෙලා කුඹුරට ගිනි තැබුවා වගේ දෙයක්. අද රනිල් වික්රමසිංහ මහත්තයා එක්ක තියෙන තරහට කරපු දේවල් නිසා තමයි රට පහළට වැටිලා තියෙන්නේ. අද සංචාරක කර්මාන්තය කඩා වැටිලා. ආර්ථිකය විනාශ වෙලා. මේ වගේ දෙයක් වුනේ මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ වෛරය නිසා. ජනාධිපතිවරයෙක්ට තමන්ගේ වෛර රටක් එක්ක පිරිමහගන්න බෑ. ඒ නිසා තමයි රනිල් වික්රමසිංහ මහත්තයාට ගාල්ලේදී නැති කළ අගමැතිකම ගාල්ලෙන් ලබාදීමට අපි තීරණය කළේ.
අපි මෛත්රීපාල සිරිසේන නැවත ජනාධිපතිවීමේ සිහිනය බොද කළා. මහින්ද රාජපක්ෂට තමන්ගේ නඩු ටික බේරාගැනීමේ සිහිනය නැති කළා. හරියට මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද මහත්තයාගේ ඔළුව උඩින් කරඩුව තියද්දී මනුෂලා ඇවිත් කරඩුව ලිහලා දැම්මා වගේ කියලා දැන් සමහරු කියනවා. අද මහින්ද රාජපක්ෂගේ ගෝලයින් අපිත් එක්ක වෛරයක් ඇතිකරගෙන තියෙන්නේ ඒ නිසයි යනුවෙන් ඔහු සඳහන් කළේය.

popular news
-
sg Sunday, 09 December 2018 10:44 PM
මෙය තමි මිලිඅන 500 ගත්තේ
Reply : 13 2
මුනසිංහ Monday, 10 December 2018 06:51 AM
තමුන්නාන්සෙ තවදුරටත් දේශපාලනේ කරනවද? ගාල්ලෙන්නම් ඒව බොරු. ගිය සැරේ පාර්ලිමේන්තු ගියේ අනුන්ගෙ පිහිටෙන් බව දන්නව නේද? දැන් චන්ඩි පාට් දාන්නත් පටන්ගෙන. අනුන්ගෙ වත්කම් බලන්න කලින් අපිට කියනවද තමුන්ට මේතරම් වත්කම් ලැබුනෙ කොහෙන්ද කියල?
Reply : 66 120
DILU Monday, 10 December 2018 10:06 AM
ඊයේ තමුන්නාන්සේගේ මල්ලි නටපු නාඩගම අයෙත් නටන්නද බලේ ඉල්ලන්නේ? අර වයසක මිනිස්සු දෙන්නට ගහපුවා.මේ වගේ කාලකන්නි දේශපාලනෙන් එලවන්න ඕන
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
