මන්ත්‍රී පාඨලීට විදෙස් ගමන් තහනම්
2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද (13දා) නියෝග කළේය.
එම අනතුර සිදුවන අවස්ථාවේදී වාහනයේ රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද විදෙස්ගත වීම තහනම් කර තිබේ.
2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයක් හා යතුරු පැදියකින් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.
මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.
popular news
-
අප්පුහාමී Friday, 13 December 2019 10:43 PM
මම කල්පනා කරන්නේ ආණ්ඩු වෙනස් වෙනකොට නීතිය වෙනස් වෙන්නේ කොහොමද කියලා.
Reply : 0 0
වැඩකරන රටක් Saturday, 14 December 2019 03:46 AM
වත්මන් රජයට තර්ජනයක් වන එවුන් මර්දනය කලයුතුයි. අතක් පතක් නැති පතොලයන්ගෙන් අවුලක් නැහැ. 2/3 අරගෙන නියමෙට කරගෙන යමු හොදේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

