(UPDATE)මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලුම දෙනාටතමන් පදිංචි ස්ථානයේ සිට පොලීසිය සඳහන් කර ඇති ස්ථානවෙත පැමිණීමට නියෝග කරන බව පොලීසිය පවසයි.
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ගම්පහ පදිංචි දැනට නිවෙස්වලට හෝ නවාතැන් වෙත පැමිණ සිටින සියලුම දෙනාට අද පස්වරු 4.00ට පෙර තමන් පදිංචි ස්ථානයේ සිට පොලීසිය සඳහන් කර ඇති ස්ථානවෙත පැමිණීමට නියෝග කරන බව පොලීසිය පවසයි.
එසේම පොලීසිය සඳහන් කර ඇති ප්රදේශවලට පරිභාහිරව සිටින අය ළඟම ඇති පොලිස් ස්ථානය වෙත පැමිණිය යුතු බවත් පොලීසිය පවසයි.
ඔවුන්ව නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිත බවත් ඊට බාහිරව කටයුතු කරන අයට නිරෝධායන පනත යටතේ ක්රියාකරන බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.