මන්නාරම අවට මුහුදේ අඩංගු මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණය අනෙක් ප්‍රදේශවලට සාපේක්ෂව දෙගුණයකින් පමණ ඉහළ අගයක පවතින බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කාය විච්ජේදන අධ්‍යනාංශයේ කථිකාචාර්ය සායණික ප්‍රෙව්ණි රෝග පිළිබඳ වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා පැවසුවේය.
නෝර්වේ පර්යේෂණ ආයතනයක් වන Institute of marine Research සමඟ එක්වී නාරා ආයතනය සිදුකරන ලද පර්යේෂණයකින් වයඹ මුහුදු තීරයේ ඝන මීටරයකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.89ක් අඩංගු බව සොයාගෙන ඇති බවත් එහි වැඩිම අගය වාර්ථාවන්නේ මන්නාරමෙන් බවත් වෛද්‍යවරයා පැවසුවේය.
හෙතෙම මේ බැව් පවසා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ (20දා) එම සංගම් ශ්‍රවණාගාරයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි.
“නාරා ආයතනය සිදුකළ පරීක්ෂණයක් අනුව අපේ රටේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අගයක් ලැබී ඇත්තේ වයඹ පළාතෙයි.අනෙක් පලාත් හා සමග බලන විට එය දෙගුණයක්. එම පළාතෙනුත් මන්නාරමේ ඉතා විශාල ලෙස මයික්‍රෝ ප්ලාස්ටික් අන්තර්ගතවී තිබේ. මේ නිසා පොලිතීන් හා ප්ලාස්ට්ක් වර්ග පරිසරයට මුදා හැරීම අවම කළ යුතුයි.
එක් පුද්ගලයෙක් ග්‍රෑම 5කට සමාන ප්ලාස්ටික් ප්‍රමාණයක් සතියකට ආහාරයට ගනු ලබනවා. ලෝකයේ සිදුකළ පරීක්ෂණ මත ජලයේ වැඩිම මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු යැයි වාර්ථවෙන්නේ ඇමෙරිකාව හා ඉන්දියාව අවට මුහුදෙයි. ඒ අනුව ඇමෙරිකාව අවට මුහුදේ සෑම වතුර මිලිලීටර 500කටම 4.8%ක් මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බවත් ඉන්දියාව ආශ්රිත මුහුදේ සෑම වතුර මිලිලීටර 500කම 4%ක අගයක මයික්‍රෝ ප්ලාස්ටික් අඩංගු බවත් සොයාගෙන තිබෙනවා.
එසේ නම් අනිවාර්යෙන්ම ලංකාවේ තත්ත්වයත් මීට සමාන විය හැකියි. 2025 වන විට මාලු මෙට්‍රික් ටොන් 3කටම ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 1ක් එනම් 3ට 1 අනුපාතයෙන් මාලු හා ප්ලාස්ටික් තිබෙන බව පර්යේෂකයින් ඇස්තමේන්තු කර තිබෙනවා.
මයික්‍රෝ ප්ලාසිටික් පිළිබඳ ආසන්න වසර තුනක් වැනි කාලයක සිට මෙලෙස අවධානය යොමු වී තිබෙන බවත් එහි භයානක පැතිකඩයන් රැසක් මේවන විට තහවුරු වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.
“අපි බය වෙන්න ඔනේ මයික්‍රෝ ප්ලාස්ටික් හැසිරෙන්නේ කාන්දමක් ආකාරයෙන් වීම නිසයි. එය කිසිම බේදයකින් තොරව රසායණික හා බැරලෝහ උරාගනු ලබනවා. එනම් විෂරසායනික සියල්ල උරාගනු ලබනවා. මේ හරහා අපේ ශරීරයට පිළිකා කාරක විස රසායණික රැසක් ඇතුළුවෙනවා. ඒ හරහා අක්මාවේ, අග්න්‍යාසයේ, පියයුරු වල පිළිකා මෙන්ම ලිම්පොමාව ලියුකේමියාව වැනි පිළිකා ඇති කිරීමේ අවධානක් ඇති බව පර්යේෂකයින් තහවුරු කර තිබෙනවා.
භයානකම කාරණය වන්නේ මෙම මයික්රෝප්ලාස්ටික්වල විෂ්කම්භය නැනෝ මීටර 240කට වඩා කුඩානම් එය වැදෑමහ හරහා වුවද ගමන්කළ හැකි වීමයි. එසේ නම් මෙලොවට නූපන් දරුවාත් මෙලොවට බිහිවන්නේ ප්ලාස්ටික් ඇගේ ඇතුවයි.
එසේම විද්‍යාඥයෝ ඉදිරිපත් කර ඇති සමීක්ෂණ වාර්තා අනුව මයික්‍රෝ ප්ලාස්ටික්වල අඩංගු රසායණිකයක් වන DDT වලට නිරාවරණය වන මවකට උපදින දරුවන් ඔටිසම් නම් රෝගාබාධයට ගොදුරුවීමට ඉඩ ප්‍රස්ථාවක් තිබීමයි.
එසේ නම් අපි සියලුම දෙනා ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අඩු කිරීම, ප්ලාස්ටික් ඇට අඩංගු මුහුණ සෝදන දියර භාවිතයෙන් වැළැකීම, නයිලෝන්/ඇක්ක්රලික් ඇදුම් භාවිතය අවම කිරීම, ජලය උතුරවා නිවා හොඳ පෙරුම් උපකරණයකින් පෙරා පානය කිරීම, ඇදුම් සේදීමේදී මයික්‍රෝප්ලාස්ටික් කෙඳි අල්ලා ගතහැකි Cora ball වැනි උපකරණයක් භාවිතයට ගැනීම වැනි දේවල් සිදුකිරීමේ අවශ්‍යතාවයක් මතුවී තිබෙනවා.”