ශ්‍රී ලංකාවෙ දැනට පවතින තත්ත්වය අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදී සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එසේම අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීම නවතා ඇති බවත් අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවකයන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන බවත් ඔහු පැවැසීය.
පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු දෙනාම සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.