කොවිඩ්-19 වෛරසය මිනිත්තු කිහිපයකින් හඳුනාගත හැකි පරීක්ෂණයකින් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල රෝගීන් හඳුනා ගැනීමේ හැකියාව පුළුල් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඩොලර් 5ක පමණ මුදලක් වැයවන මෙම පරීක්ෂණයෙන් සෞඛ්‍ය සේවකයන්ගේ හා රසායනාගාරවල හිඟයක් ඇති අඩු ආදායම්ලාභී රටවල කොවිඩ්-19 ආසාදිතයන් සොයාගැනීමේ පරිවර්තනීය වෙනසක් බලාපොරොත්තු වෙයි.
නිෂ්පාදකයින් සමග ඇති කරගත් ගනුදෙනුවක් සමග මාස හයක් තුළ පරීක්ෂණ මිලියන 120ක් ලබාදීමට හැකිවන බව කියයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එය හැඳින්වූයේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙසනි.
පරීක්ෂණයක් කිරීම සහ ප්‍රතිලයක් ලබාගැනීම අතර ඇති දිගු පරතරය කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට බොහෝ රටවල් දරන උත්සාහයන්ට බාධා ඇති කර තිබේ.
ඉන්දියාව සහ මෙක්සිකෝව ඇතුළු ඉහළ ආසාදන අනුපාතයක් ඇති සමහර රටවල විශේෂඥයන් පවසා ඇත්තේ අඩු පරීක්ෂණ අනුපාතයන්, ඔවුන්ගේ පැතිරීමේ සැබෑ ව්‍යාප්තිය වෙස්වළාගත් අනතුරක් ලෙස හැඳින්විය හැකි බවයි.