මධූෂ්ව පිටුවහල් කිරීමට සාකච්ඡා
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී තිබේ.
කලීජ් ටයිම්ස් පුවත්පත මේ බව වාර්තා කරන අතර ඩුබායි බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ අදාළ අංශයන් මේ වන විට සාකච්ඡා පවත්වන බවද එම පුවත් සේවය වාර්තා කරයි.

popular news
-
Champa Wednesday, 06 February 2019 10:28 AM
මොකොට ගේනවද? එහෙදී අල්ල ගත්ත නිසා එහෙ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්නම් මෙහෙ ගනවොත් මෙහෙ ඉන්න ඉහලම පැලැන්තියේ පට්ට නීතිඥවරු කියයි එහෙ කරපු වැරැද්දට මෙහෙ දඬුවම් දෙන්න බැහැ කියලා. තේරෙන්නේ නැත්ද? මේච්චර කල් මිනිහව අල්ලන්නේ නැතුව කරලා තියෙන්නේ පට්ටම පට්ට බොලුවක්. දැන් සෞදි පොලීසියෙන් අල්ල ගත්තට පස්සේ මෙහෙ ගෙන්න කතා කරනවා. බලමු NGOකාරයෝ මේකට මොකොද කියන්නේ කියල? විශේෂයෙන් අගමැති බිරිඳ මෛත්‍රී එහෙම. ත්රස්තවාදීන් එලියට දාන කොට එපා නොකියපු මිනිස්සු ඥානසාර හාමුදුරුවන්ට සමාව දෙන්න එපා කිව්වා. ඔන්න පුදුම වෙන්න එපා දැන් මදුෂ්ගේ ගෝලයෝ හිටු කියලා NGO කාරයන්ට සල්ලි දෙයි මදුෂ්ව ලංකාවට ගෙනපන් කියලා board උස්සන් ඉන්න කියලා. කවුද අර විශ්ව විද්‍යාල කොල්ලා. මින්හට දැන් සටන් පාඨ නැහැනේ. ඒ හින්ද පාලකයනි මදුෂ් ලංකාවට ගෙනාපල්ලා කියයි. මේ ම්නිහ ලංකාවේ හිර ගෙදරක දැම්මොත් අනිවර්ය්යනෙම එලියට එනවා. ඒ හින්ද මිනිහව ගෙන්න ගන්න හදනව නම් රටේ නීති ගරුක පුරවැසියන් ගැන හිතල, දරුවන් ගැන හිතල, ජනාධිපතිතුමා ඒක නවත්තන්න ඕනේ. ආරක්ෂක ඇමති සහ නීතිය සහ සාමය පිලිබඳ ඇමැතිත් විදිහට ජනාධිපතිතුමා මේ වෙලාවේ මොලේ පාවච්චි කරන්න ඕනේ.
Reply : 0 0
chris Wednesday, 06 February 2019 02:12 PM
ලංකාවට ගෙනාවොත් නම් නියමයි ගෙදර වගේ ,ගරු ජනාධිපති තුමනි අපේ කොල්ලෝ ටික ලංකාවට ගෙනල්ල ඕනෑම දඩුවමක් දෙන්න
Reply : 0 0
rocky Wednesday, 06 February 2019 02:41 PM
බුදු අම්මෝ .. මෙහෙට නම් ගෙන්න එපා. යමක් කරනවා නම් ඔහෙදීම වැඩේ දෙන්න. මෙහෙ ගෙනාවොත් දෙයියන්ගේ පිහිටෙන් කෙලින්ම සුඛෝපභෝගී රෝහලකට ඇතුල් වෙලා ඉඳගන , දැහැමෙන් සෙමෙන් නිදහසේ පසුවෙමින් කිසිම බාධාවක් නැතුව අපරාධ කර්මාන්තය දිගටම කරගන යන්න පුළුවනි. පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලලා ජනාධිපති වෙන්නත් බැරි නැහැ! විස ඝෝර සර්පයා - දැක නොහරු මෝඩයා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

