මධුෂ්ගෙන් ඩුබායි පොලිසිය ප්‍රශ්න කිරීම අරඹයි
ඩුබායි රාජ්‍ය යේදී අත්අඩංගුවට පත් පිරිස අතර සිටි මාකඳුරේ මධුෂ් අතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කීපදෙනාගෙන් ඩුබායි පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව ඩුබායි ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්න කිරීම් සඳහා මෙම මෙහෙයුමට සම්බන්ධව සිටි විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් සම්බන්ධවී සිටින බවත් මේ වනවිටත් විශේෂ තොරතුරු රැසක් හෙළිකරගෙන තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි පොලීසිය විසින් මාකඳුරේ මධුෂ් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් සතුවතිබූ දුරකථනවල දුරකථන වාර්තා ලබා ගැනීමටත් ඔවුන් මත්ද්‍රව්‍ය පානය කර තිබේද යන්න පිළිබඳව තහවුරු කර ගැනීමට රුධිර පරීක්ෂණ කටයුතුදසිදු කර තිබෙන බවටද වාර්තාවේ.
අත්අඩංගුවට පත්වූ පිරිසට ව්‍යාජ ගමන් බලපත්‍ර, ව්‍යාජ වීසා බලපත්‍ර ළඟ තබාගැනීම හා මත්කුඩු ළඟ තබාගැනීම, මත්කුඩු පානය කිරීම යන චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.
අදාළ උපන්දින සාදය පිළිබඳ කොළඹ, කෙසෙල්වත්ත ප්‍ර‘දේශයේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගෙන් මුලින්ම තොරතුරු හෙළිව ඇති බවටද වාර්තා වේ.
මේ අතර, උපන්දින සාදයට සහභාගි වීම සඳහා තවත් ප්රධානපෙළේඅපරාධකරුවකු ඇතුළු දෙදෙනෙකුආරක්ෂක අංශ හෝටලය වටකිරීමත් සමගමපැනගොස් ඇති බවට ද තොරතුරු හෙළිව ඇති අතර එසේ පැනගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටද ඩුබායි පොලීසිය පරීක්ෂණ පවත්වන බවද වාර්තාවෙයි.
මධුෂ් ඇතුළු පිරිස ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ එරට තුළදී මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම හා වීසා ගුවන් ගමන් බලපත්‍ර වංචා කිරීම සහ මත්ද්‍රව්‍ය පානය කිරීමේ චෝදනා මත බැවින් මෙම පිරිසට එරට නීතිය ක්‍රියාත්මක වන බවද වාර්තාවේ.
ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර සැකකරුවන් හෝ සිරකරුවන් හුවමාරු කරගැනීමේ නීත්‍යනුකූල ක්‍රම‘වේදයක් නොමැති නිසා මධුෂ් ඇතුළු පිරිස රාජතාන්ත්‍රික මට්ටමින් මෙරටට රැගෙන ඒමට රජයේ අවධානය යොමුවී තිබෙන බවට වාර්තාවේ.
මීට අදාළව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය එරට විදේශ සේවා කටයුතු නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවට වාර්තාවන අතර,මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ලබාදීමට නියමිතය.
එහෙත් රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදුකළහොත් මෙම සැකකරුවන් මෙරටට රැගෙනවිත් ඔවුන්ට මෙරට තුළදී සිදුකර තිබෙන වැරදිවලට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 07 February 2019 12:51 PM
මේකට සම්පූර්නයෙන්ම විරුද්ධයි. මදුෂ්ගෙන් වාසි තිබ්බ මිනිස්සුන්ට තමයි මදුෂ්ව ලංකාවට ගේනන ඕනේ වෙලා තියෙන්නේ. තව අනිත් පිරිසට ඕනේ මේකෙන් ලකුණු දාගන්න. අනුන්ගේ රටක නීතියට ඇඟිලි ගහන්න යන්න එපා. ඉස්සෙල්ල මදුෂ් ඒ රටේ කරපු වැරැද්දට දඬුවම් දෙන්න ඉඩ දෙන්න ඕනේ. ඊට පස්සේ ජීවත් වෙලා හිටියොත් හරි, ඒ රට නියම කරන සිර දඬුවම ඉවර වුනාට පස්සේ හරි තමයි ලංකාවට ගෙන්න කියන්න ඕනේ. මේ මිනිහව අත්අඩංගුවට අරන් එවන්න කියල ඉල්ලීමක් කරලා ඒ හින්ද අත් අඩංගුවට ගත්ත නම් ඒක වෙනම කතාවක්. නමුත් අත්අඩංගුවට ගත්තේ ඒ රටේ නීතිය බරපතල ලෙස කඩ කිරීම හින්ද. ඒ නිසා මෝඩ ආණ්ඩුව මේ පල් හොරාට, පාතාල රජාට තානාපති කෙනෙක්ට වගේ සලකන එක නවත්තලා, ඩුබායි පොලීසියට තමන්ගේ වැඩේ කරගන්න ඉඩ දෙන්න.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
