මධුෂ් ඇතුළු පිරිසට වලංගු වන්නේ සෞදි නීතියද? ශ්‍රී ලංකා නීතියද?
ශ්‍රී ලංකාව අරාබි රටවල් සමග උදර්පන ගිවිසුම් ඇත්සන් කර නොමැති හෙයින් ඩුබායිහිදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වීසා අවසර පත්‍රය එම රටින් අවසන් කිරීමෙන් පසු ලංකාවට පිටුවහල් කරන බව නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳ 'අද' කළ විමසුමකදී ඊට පිළිතුරු දක්වමිනි.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥවරයා,
“උදර්පන ගිවිසුම් අපට අරාබි රටවල් සමග නෑ. මෙහිදී පිටුවහල් කිරීමේ සංකල්පය තමයි අදාළ වන්නේ. විදෙස් රටකට යෑමේදී වීසා අවසර පතක් නිකුත් කරනවා. මෙවැනි අවස්ථාවකදී ඒ අවසර පත්‍රය ඒ රටේ අධිකාරිය විසින් අවසන් කරනවා.
ඒ අයට වීසා නැතිව ඒ රටේ ඉන්න බෑ. රටින් පිටුවහල් කරනවා. අපේ ඉන්න නිලධාරීන් ඒ අය අරගෙන ලංකාවට එනවා. ඒ අයට මේ අයව අත්අඩංගුවට ගන්න බෑ. ලංකාවේ ඉන්න නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොළට ගිහින් අත්අඩංගුවට ගන්නවා.
ඉන් අනතුරුව ඔවුන්ට ශ්‍රී ලංකාවේ ඇති නීතිමය තත්ත්වයන් යටතේ ඔවුන්ට එරෙහිව ඇති චෝදනාවලට අනුව කටයුතු කිරීමට අවස්ථාව තිබෙනවා. මුලින්ම ඔවුන්ව ලංකාවට ගෙන්වා ගත යුතුයි" යැයි පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිය අනුව කෙනෙකු මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම,භාවිතය හෝ විකිණීම මරණ දඬුවම් ලැබිය හැකි දඬුවමකි.
අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ ඩුබායි නීතියද එසේත් නැත්නම් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරුණ ඇති දැයි ඊයේ වෙන විටත් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
popular news
-
Champa Wednesday, 06 February 2019 09:48 AM
නෑ නෑ ක්‍රියාත්මක වෙන්න ඕනේ සෞදි නීතිය. ශ්‍රී ලංකා නීතිය නෙමෙයි. සෞදි රටේ නීතිය විදේශිකයන්ට බලපාන්න වීසා අවශ්‍ය නැහැ. සෞදි හිර ගෙවල් වල ඕනේ තරම් විදේශිකයෝ ඉන්නව. වැරදිකාරයින්ගේ වීස බලන්නේ නැහැ මම කියන්න ගියේ ඒක නෙමෙයි. මදුෂ් එක්ක සම්බන්ධකම් තියෙන දේශපාලකයෝ දෙපැත්තේම ඉන්න පුළුවන්. තව මධුෂ්ට සහය දීපු පොලිස් නිලධාරීන් ඉන්න පුළුවන්. මේ හැමෝම මිනිහව ලංකාවට ගෙන්න ගන්න හදයි ඒ මොකොද කිව්වා නම් මෙහෙදී අර තව මිනිහෙක්ට කළා වගේ හිර ගෙදරට කණ්ඩායමක් යවල මිනිහව හිරෙන් පන්න ගන්න පුළුවන්. නැත්නම් මේ ගොල්ලොම නඩු දාල ඊට පස්සේ මේ ගොල්ලොම ඇප දෙනවට විරුද්ධ නොවී ඉඳල ම්නිහව උසාවිය හරහාම එලියට ගන්න පුළුවන්. අනික හිර ගෙවල් වල ඉන්නෙත් මූගේ මිනිස්සුමයි. මතකද මදුෂ්ගේ මිනිහෙක් පොලිස්කාරයෙක් වෙඩි තියල මරල හිරේ ආවහම, ඇතුලේ පිළිගැනීමේ උත්සවයක් තිබ්බ. ඒ හින්ද මොන විදිහකටවත් මේ මිනිහට ලංකාවට ගෙන්න ගන්න දෙන්න නරකයි. ජනාධ්පතිතුමා සෞදි රාජ කුමාරයට ස්තූති කරන්න ඕනේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොකුම එකාව අල්ල ගත්තට. තව කියන්න ඕනේ ඔහේ තිබ්බත් මෙහෙ ආවත් එකම දඬුවම ඒ හින්ද ඔහෙම තියා ගන්න කියල. මුළු රටම එක හෙලා කියන්න ඕනේ ඒකම.
Reply : 0 3
Champa Wednesday, 06 February 2019 10:00 AM
මධුෂ් කියන්නේ මහා භයානක මිනිහෙක්. මිනිහව ලංකාවට ගෙනාවොත් මෝඩ ආණ්ඩුව චන්දෙ කිට්ටු වෙනකොට මිනිහව එලියට දාන්න පුළුවන්. පැහැදිලිවම පේනවා මිනිහ වැඩ කරලා තියෙන්නේ එළිපිටම කියලා. දේශපාලකයෝ, පොලිස් කාරයෝ, නීතිඥයෝ, තව කවුද දන්නේ තව ... ඇති, තව වෙනත් වර්ගයේ නිලධාරීන් බොහෝ දෙනෙක් එක්ක මදුෂ් සම්බන්ධකම් තියාගෙන තියෙනවා. නැත්නම් කොහොමද මිනිහ එළිපිටම මිනීමැරුම් කොන්ත්‍රාත්තු, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නේ? අනික හොඳට මතක තියා ගන්න ඕනේ මෙහෙ ගෙනාවොත් හැංගිලා ඉන්න මදුෂ්ගේ ගෝලයෝ චිකාගෝ වර්ගයේ ගේමක් දීල මිනිහව පැහැර ගෙන යයි. අනික මිනිහ බිලියන් ගානක් ගෙවයි ලංකාවේ ඉන්න ඉහලම පට්ට නීතිඥයන්ට ඇප අරන් දෙන්න කියලා. එතකොට මොකොද වෙන්නේ? ලංකාවේ ඉන්න අනර්ඝතම, ලොකුම නම් තියෙන ඉහලම පැලැන්තියේ නීතිඥයෝ ඔක්කොම පෙනී ඉන්නේ මදුෂ් වගේ පට්ට හොරු වෙනුවෙන්, එහෙම නැත්නම් පට්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් වෙනුවෙන්. එහ්මත් නැත්නම් පට්ට මිනීමරුවන් වෙනුවෙන්. ලොකු නම් තියෙන පට්ට නීතිඥයෝ කතා කලහම නඩුකාරයොත් වෙව්ලල ඒ පැත්ත ගත්ත අවස්ථා තියෙනව. ඒ හින්ද ආරක්ෂක සහ පොලෝසිය භාර ඇමති විදිහට ජනාධිපතිතුමා මේ පට්ට සෙට් එකට එකතු වෙන්න ඉඩ නොදී මදුෂ්ව එහෙ
Reply : 0 15
Champa Wednesday, 06 February 2019 11:46 AM
මෙතනට ලියපු comment එකක්ද කොහෙද මම සෞදි රජ කුමාරයා කියලා ලිව්වා. Comments post කරන්න ඉස්සෙල්ල දෙවෙනි පාරට කියනව පුරුද්ද අඩුයි. ඒ හින්ද පස්සේ තමයි මතක් වුනේ type කලේ සෞදි කියල. සෞදි නෙමෙයි "එමීර්ට" ස්තූති කරන්න ඕනේ කියලා තමයි කියන්න ඕනේ ලංකාවේ ලොකුම මත්කුඩු ජාවාරම් කාරය අල්ල ගත්තට. මෙහෙ ගෙනාවොත් මේ යකාව නිදහස් කරගන්නවා. මේ ලඟදි අර මහා ලොකු කුඩු රජා සිද්දික්ටත් ඇප ලැබුන. අනිත් කුඩු රජා වෙලේ සුදා හිරේද එළියේද මම දන්නේ නැහැ.
Reply : 0 14
rocky Wednesday, 06 February 2019 02:44 PM
මේ කට්ටියට සභා චන්දෙට නොමිනේෂන් දුන්නොත් පොහොට්ටුවට ලේසියෙන්ම දිනන්න පුළුවනි!
Reply : 0 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

