මධ්‍යම පළාතේ සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්මවයි
මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දහඅට දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව අද (30) ගෙවුණු පැය 24 කාලය නව ආසාදිතයින් 222 ක් වාර්තාවිමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 18,083 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 9,809කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,139 දෙනෙකුද නුවරඑළියදිස්ත්රික්
මධ්‍යම පළාත තුළින් අද (30) ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 222කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 133ක්, නු
මහනුවර දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස මහනුවර නගරය 26, පාතහේවාහැට හා යටිනුවර 16 බැගින්, ගම්පොල 12 ක් ලෙසින්.
මාතලේ දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස නාඋල 3, මාතලේ නගරය, රත්තොට උකුවෙල 2 බැගින්.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ලෙස නවතිස්පනේ 30, වලපනේ 15, අඹගමුව 11 ක් ලෙසින්
මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 316 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 201ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 67ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 48 ක් ලෙසින් මෙම මරණ වාර්තාවේ.
දුම්බර - එම්.ආර්. ප්‍රදීප්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

