මදූෂ්ගේ ඝාතන සිද්ධිය ගොතන ලද්දක් - මදූෂ්ගේ නීතිඥයා කියයි
මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ මාකඳුරේ මදූෂ් ඝාතන සිද්ධිය පිළිබඳ විස්තර ව්‍යාජ හා ගොතන ලද්දක් බව මාකඳුරේ මදූෂ්ගේ නීතිඥවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට හා වැඩබලන පොලිස්පතිවරායට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
"නීතියේ ආධිපත්‍යයට ගරු කරන ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස, නීතිය බලාත්මක කිරීමේ ආයතනවල භාරයේ සිටියදී මෑතදී සිදු වූ ඝාතනවලට දඩුවම් නොලැබී ඇති අතර කිසිදු ශිෂ්ඨ සම්පන්න සමාජයක් මෙම හැසිරීම අනුමත නොකළ යුතු බව පිළිගෙන තිබේ.” යැයි නීතිඥ චමින්ද අතුකෝරාල මහතා සිය ලිපියෙන් පවසයි.
“මගේ සේවාදායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කර ඇති දේ ව්‍යාජ ප්‍රබන්ධයක් බව ඔබ දන්නවා. 2020 ඔක්තෝබර් 16 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට මදූෂ් කොළඹ අපරාධ අංශයට මාරු කිරීම නීති විරෝධී වූ අතර එය ඔහුගේ ඝාතනයට පෙර නිමිත්තකි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව එවැනි රැඳවුම් නියෝග ලබා දිය හැක්කේ මාස 18 ක කාලයක් සඳහා පමණක් බව ඔබ දන්නවා. ඒ අනුව මගේ සේවාදායකයාගේ අඛණ්ඩ රැඳවුම් කාලය 2020 ඔක්තෝබර් 28 වන දින අහෝසි වීමට නියමිතයි.
එසේ වුවත්, නීතියට අනුව රැඳවුම් නියෝගය රැඳවුම් ස්ථානය නියම කළ යුතු බව ඔබ දන්නවා. ඉහත රැඳවුම් නියෝගය සඳහා එම රැඳවුම් ස්ථානය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විය.
කෙසේ වෙතත්, නීතිවිරෝධී හා අත්තනෝමතික ලෙස මගේ සේවාදායකයා 2020 ඔක්තෝබර් 16 හෝ ඊට ආසන්න දිනක අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවෙන් කොළඹ අපරාධ අංශයට ගෙන යන ලදී. මෙම පියවර නීති විරෝධී වන අතර එය ඊයේ උදෑසන සිදුවීමට පෙර නිමිත්තක්.
අපගේ සේවාදායකයාගේ ජීවිතයට මෙතරම් ආසන්න තර්ජනයක් ඇති වේ යැයි බියෙන් ඔහුගේ බිරිඳ අපගේ උපදෙස් මත 2020 ඔක්තෝබර් 17 වන දින කොළඹ අපරාධ අංශයේ අධ්යක්ෂ වෙත ලිපියක් යවමින් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද අපයෝජනය පිළිබඳව දුරකථන ඇමතුමක් මගින් ඔවුන්ට දන්වා තිබෙනවා.
පොලිස් අත්අඩංගුවේ සිටියදී තම ස්වාමිපුරුෂයා ඝාතනය කළ හැකි ආකාරය ගැන පැහැදිලි බියක් ඇය සිය ලිපියෙන් සඳහන් කර තිබෙනවා” යැයි නීතිඥවරයා යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.



popular news
-
Kumar Friday, 23 October 2020 09:25 PM
This is becoming more interesting. It appears he was about to betray some politicians if ends up in prison. Was this a case of shutting him up for good.
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

