මත්ස්‍යයන් අභිජනනය පොකුණකින් කිඹුල් පැටවු මතුවෙයි
අනුරාධපුරය, සාලියපුර, 03 ඇළප්රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන යන විසිතුරු මත්ස්‍යයන් අභිජනනය කරන පොකුණකින් කිඹුල්පැටවුන් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
කිඹුලියක දැමූ බිත්තර පුපුරා ගොස් මෙලෙස පැටවුන් විශාල ප්‍රමාණයක් මතු වී ඇති අතර, බොහෝ පැටවුන් මේ වන විට බිත්තර තුළින් පිටතට පැමිණ පොකුණ ආශ්‍රිතව සැරිසරන බව ඔවුහු ප්‍රකාශ කරති.
තමන් අනුරාධපුරය වනජීවී කාර්යාලයට මේ පිළිබඳ දැනුම් දුන්නද, මේ වනතෙක් කිසිදු වනජීවී නිලධාරියෙකු එම ස්ථානයට නොපැමිණි බවත්, කුඩා දරුවන් එම පොකුණ ආශ්‍රිතව සෙල්ලම් කරන බැවින් හා පොකුණ අසල මාර්ගයෙන් බොහෝ පිරිසක් ගමන් ගන්නා බැවින් මේ හරහා ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
මෙම කිඹුල් පැටවුන් කඩිනමින් එම ප්‍රදේශයෙන් ඉවත් කර රක්ෂිත කලාපයකට රැගෙන යන ලෙස ප්‍රදේශවාසීහු වනජීවී දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.
එප්පාවල තිසර සමල්



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
