මත්පැනින් ජීවිත හානි අඩු කිරීමට දේශීය බීම ප්‍රවර්ධනය කළ යුතුයි
මෙරට දුප්පත් ජනතාවගේ ජීවිත වලට මත්ද්‍රව්‍ය මගින් සිදුවන හානිය අවම කිරීම මත්පැන් භාවිතය තහනම් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සදහා හිතකර දේශීය බීම වර්ග ප්‍රවර්ධනය කළ යුතු බවත් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.
මේ සඳහා තල් සහ කිතුල් ආශ්රිත ව්‍යවසායකයින් දිරි ගැන්වීමට කටයුතු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා සදහන් කළේ.
තල් ආශ්රිත නිපැයුම් ප්‍රවර්ධනය තුළින් තල් කර්මාන්තයේ වර්ධනය උදෙසා තල් නිෂ්පාදන සහයකවරුන් දස දහසක් බිහිකිරීම සදහා වන තල් අරණ ව්‍යාපෘති වැඩසටහන පිළිබදව අමාත්‍යාංශයේදී අද දා(10) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී.ජේ සෙනෙවිරත්න මහතා මේ බව සදහන් කළේය.
popular news
-
බණ්ඩාර Tuesday, 10 December 2019 10:27 PM
ඔන්න ජෝනා රා / කසිප්පු ප්‍රවර්ධනය කරන්න යනවෝ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

