මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්
මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය කඩිනමින් කි‍්‍රයාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මරණ දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයන් පිළිබඳ වාර්තා කැඳවීමේ දී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ ආයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දුව කි‍්‍රයාවට නැංවීම ප්‍රමාද වි ඇති අතර, ඒ පිළිබඳ පරික්ෂණයක් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය පිළිබඳ අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

popular news
-
Champa Tuesday, 11 December 2018 04:33 PM
හූඌඌ දන්නවද? ජනාධිපතිතුමාගේ හඳපානේ පත් කල ආණ්ඩුව ආපු ගමන් හිරේ හිටපු ලොකුම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් මහ දවාලේ ඇවිල්ල පන්න ගෙන ගිය. ඒක ගැන කිසි කතාවක් නැහැ. අද වෙනකම් පරීක්ෂණත් නැහැ. ඒ විතරක්ද? දන්න දන්න එවුන් හිරෙන් මුදොල ඇටිකිච්චන් එල්ලන්න යනව.
Reply : 0 0
Kumar Tuesday, 11 December 2018 10:43 PM
සැමදාම ඔය කතාවම තමා ඇහෙන්නේ. මේ ජනාධ්පති අන් අය දිසාවට ඇගිල්ල දිගුකරන්න නම් හොඳට දන්නවා. මේ අතරතුරේ කුඩු මුදලාලිලා රජකරනවා. කුඩු වලින් ලැබුන මුදලි වෙන්න ඇති මන්ත්‍රීලා මුදලට ගන්නේ. සියලුම ගනුදෙනු මුදල් නෝට්ටු වලින් පමණකි.
Reply : 0 0
chandana Wednesday, 12 December 2018 08:30 AM
ඔව් ඔව් ඉක්මනටම මරණ දඩුවම ගෙනෙන්න විවස්තව කදනලද රාජ්ජ බලය පෙහෙරගත් කුමන්ත්‍රණ කරුවෝ එල්ලන්න මතකනේ 19 හදලා එකෙක් මුලින්ම පරිප්පුව කෙවා මේකෙත් මුලින්ම දඩුවම කටදකියලා ඒ අනුව හිතාගන්නකෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

