මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ළඟදීම ක්‍රියාවට නංවනවා - ජනපති
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමේ තීරණය ළඟදීම කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම රට විනාශ කිරීමට ගෙන යන ක්රමානුකූල සංවිධානාත්මක කුමන්ත්‍රණයක් බවද ජනපතිවරයා සඳහන් කළේය.
අද (30දා) පෙරවරුවේ මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගණයේ පැවැති ,මතින් නිදහස් රටක්, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අවඥාවට ලක් කරමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිස් විසින්ම බවද ඔහු පැවැසීය.
කුමන මුහුණුවරකින් පෙනී සිටිය ද ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යට වී ඇති බවත් මත්ද්‍රව්‍ය මර්දනය, පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙතෙක් ගෙන ගිය වැඩසටහන ශක්තිමත් කරනවා සේම පාසල් දරුවන් සහ රාජ්‍ය නිලධාරින් මුල්කර ගනිමින් විශේෂ වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස කිහිපය තුළ දී ක්‍රියාවට නංවන බව ද සඳහන් කළේය.

popular news
-
chathuri Wednesday, 30 January 2019 06:23 PM
බලයට එන්න රගපපු. දවසේ. ඉඳල මේ කතාව කියන්නේ , තවම. බාලගිරි. දෝසෙ කවදාවත් මේදේ. කරන්නේ. නැහැ ඒක සහතිකයි. මෙවැනි දේවල්. කියල. ජනතාව. මුලාකරලා චන්දෙ. ගන්න. අයට දෙන. දඩුවම මොකක්ද තුත්තිරි ගහේ ද. එල්ලන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

