මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහාය ජනපතිගේ පැසසුමට
ජාතික ව්‍යසනයක්ව පවතින නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඉටුකරන විශිෂ්ට සේවාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක් විය .
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේ පුහුණුව ලැබූ නිලධාරින් අධිකාරියට පත් කිරීමේ උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ති‍්‍රකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.
රටේ ආර්ථික සංවර්ධනය සේම යහපත් විනයගරුක සමාජයක් ගොඩනැගීමට සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ දී ති‍්‍රවිධ හමුදාව ලබාදෙන පුළුල් දායකත්වයද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් කෙරිණි.
පාස්කු ඉරිදා ප්‍රහාරය හමුවේ රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ති‍්‍රවිධ හමුදාව ඉටුකළ අනුපමේය මෙහෙවර ජනාධිපතිතුමාගේ සුවිශේෂි පැසසුමට ලක් විය.
අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ට ගමන්මග ද මෙහිදී අභිමානයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා, එම ගමන් මගේ දී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු සහ ආබාධිත වූ සියලූ විරුවන් කෘතවේදිව සිහිපත් කළේය.
ති‍්‍රකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 32 (තාක්ෂණික) සහ 33 වන ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය සහ 59 වන ශිෂ්‍යභට යන බඳවා ගැනීම්වලට අයත් මධ්‍ය නිලධාරින් 89 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය අධිකාරියට පත් කර ජනාධිපති වර්ණ ප්රදානය කිරීම ද සිදු කෙරිණි.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නැගෙනහිර නාවික ප්‍රදේශභාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද, විසිර ගිය නිලධාරීන්ගේ දෙමවුපියන් ඇතුළු පිරිසක්, මෙම උළෙලට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

