වර්තමාන ආණ්ඩු සමය තුළ මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කර ගැනීමට නොහැකි වුවහොත් නව පාලනයක් යටතේ හෝ එය සිදුකර ගන්නා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
මේ වසර අවසන් වීමට පෙර නව ජනාධිපතිවරයෙකු පත්වන බවත්, ඉන් පසුව නව ආණ්ඩුවක්ද පත්වන බැවින් මඩකලපු විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ කටයුතු පහසු වන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මඩකලපු විශ්වවිද්‍යාලය ඉදිකරීමට මුදල් ලැබුණු ආකාරය හා එයට රජයෙන් ලබාදෙන පහසුකම් මොනවාද යන්න විමසීමට අද (25ද) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව පැවසූහ.