මට ලැබුණේ බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්
තමන්ට ලැබුණේ ගැටලු රාශියක් ඇති අමාත්‍යාංශයක් බවත් දින 71ක් තුළ ගැටලු සඳහා පිළියම් යෙදීමට නොහැකි බවත් විදුලි බල හා බලශක්ති, ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා සඳහන් කරයි.
"පවතින අධික උෂ්ණතවය මත විදුලි ඉල්ලුම 15% කින් වැඩිවෙලා. එමෙන්ම බලාගාරයන්හි දෝෂ සහගත තත්ත්වයන් නිසා යම් අභියෝගාත්මක වකවානුවකට විදුලි ක්ෂේත්රය පත්වෙලා. අප්‍රේල් මාසේ මැද වෙද්දි මේ තත්ත්වය සමනය වේවි. ඉල්ලුමේ යම් අඩුවක් ඇති වේවි.
ඒ සමගම අපි තාවකාලිකව නව ජනන සැලැස්මකට යනවා. අපි ඉතිහාසයට බැනලා වැඩක් නැහැ. තමන් අරපරිස්සමෙන් විදුලිය පරිහරණය කරනවානම්, කප්පාදුවකට නොයා ඉන්න පුළුවන්. හිගයක් පවතිනවා. ඒක හංගන්න අවශ්‍ය නැහැ.
නමුත් තිබෙන විදුලි ප්‍රමාණය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, අපිට ගැටළුවක් ඇති නොවේවි. අපි ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිනවා. සමහරු අහනවා ඇයි කියන්නේ නැත්තේ කියලා. අමාත්‍යාංශයක් බාර අරන් දින 71 කින් ඒ අමාත්‍යාංශයේ ඇතිවන ගැටළු වලට කොහොමද පිළියම් සොයන්නේ.
මට දීලා තියෙන්නේ බිම් බෝම්බයක් වගේ අමාත්‍යාංශයක්. නමුත් මාස 02 ක් 03 ක් යද්දි ඉතාමත් ශක්තිමත් අඩිතාලමක් මත කටයුතු කරලා, තවත් කිසිම අමාත්‍යවරයෙක්ට මේවගේ ප්‍රශ්න කවදාවත් ඇකි නොවන විදියට කටයුතු කරනවා. 2015 දී මට ලැබුණේ දණ ගහලා, වට්ටලා තිබුණ අමාරු අමාත්‍යාශයක්.
මේ පාරත් මට ලැබුණේ යටිතල පහසුකම් අතින් අමාරුම අමාත්‍යාංශයක්. නමුත් අහිංක කජනතාවට වැඩියෙන් උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයක්. සතියක්, දෙකක්, තුනක් මට බනීවි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීලා නැහැ මේතාක් කාලයකට.
දැන් තමයි අපි ඒ තත්ත්වය ගොඩනගාගෙන යන්නේ. නමුත් අපි හදිසි විදුලිය මිලදී ගැනීමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට වඩා යෝග්‍ය දීර්ඝ ජනන සැලැස්මකටයි අපි යන්නේ "

popular news
-
Kumar Monday, 25 March 2019 09:58 PM
අමිතිතුමගේ කතාව සතික ඇත්ත. ඒ බෝම්බය පත්තු වෙන්නේ නැති එක තමා නරක. ඉල්ලුම වැඩිවෙනකොට තාප විදුලිබලාගාරය කිර්යවිරහිත වෙනවනේද?
Reply : 0 0
Asela Wednesday, 27 March 2019 01:23 PM
මට ලැබුනේ . ඉල්ලලා අරගෙන කොමිස් ගහන්න දැන් බොරුවට බබා පාර්ට් දානවා. තමුසේ ගැහිල්ල මුළු රටම දන්නවා.
Reply : 0 1
Deepal Nirosh Wednesday, 27 March 2019 03:40 PM
එතකොට අර සතොස, මහ බැංකුව වගේ පත්තු වුනේ බෝම්බ නෙවි ද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

