මට දැන් හොඳටම මහන්සියි
තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
“ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටට වෙන විපත්තිය පිළිබඳව හඩගාලා කිව්වා. කෑගහලා කිව්වා. ඒ වෙනුවෙන් නින්දා වින්දා. අපවාද වින්දා. නොයෙක් විදිහේ කණ්ඩායම් අපිව නොයෙක් දේශපාලන කඳවුරු වල සිරකර තබන්න වෑයම් කළා.
අවසානයේදි අපි මේ රට හමුවේ හෙළිදරව් කළ කරුණු. සත්‍ය වුණා. විශාල වේදනාවක් තිබෙනවා. ඒ කොහොමවුණත් අපට ඉතාම ඉවසීමෙන් ඉදිරි කාලයේ කටයුතු කරන්න වෙනාවා.
කලබල වෙන්නේ නැතිව ඉතාම ඉවසිමෙන් හා දූරදර්ශීව ක්‍රියාත්මක වෙන්න වෙනවා මේ රට වෙලාගෙන තිබෙන අන්තවාදයන් පරාජය කිරිමට. මට දැන් හොඳටම මහන්සියි. අවුරුදු ගණනාවක් අපි දුක් වින්දා රට වෙනුවෙන්.
ඉතින් දැන් අපේ කල්පනාව මෙතනින් ඉස්සරහට බණක් භාවනාවක් කරගෙන අපේ ශාසනික ජිවිතයට යන්න. ඒ ශාසනික ප්‍රතිපත්ති පිළිවෙත් ටික පුරාගෙන පාඩුවේ ඉන්න තමයි කල්පනාව.
මොකද මේ රටේ සිංහලයන්ට අපෙන් සිංහලයෙක් හැටියටත් භික්ෂුවක් හැටියටත් කළ යුතු යුතුකම් ටික දැන් කරලා හමාරයි. ඉතාම කෙටියෙන් කියන්න තිබෙන්නේ රටවැසි දේශපාලන නායකයන්ට වෙන්න පුළුවන් අනිත් සියලුම දෙනාට ජීවිතය පූජා කරන්න පුළුවන් රට වෙනුවෙන් හැබැයි රටක් තියෙන්න ඕන ජීවිතය පූජා කරන්න”

popular news
-
rocky Friday, 24 May 2019 07:09 AM
නරකද ආයෙමත් අරක්කු ටිකක් ගහලා ඩෝප් වෙලා ලොරියක් වත් එලෙවුවොත්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

