තමා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනකායක් සමඟ සම්බන්ධ වී ඇති බවත්, කොවිඩ්-19 හා සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා තමාගේ සහ තම පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් ස්වයං නිරෝධායනයකට යොමුවූ බව දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරිනියක හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ග්‍රේටා තුන්බර්ග් පවසයි.
ස්වීඩනයේ ජීවත් වන ඇය මාධ්‍ය සමග වීඩියෝ සම්න්ත්රණයකට එක්වෙමින් කියා සිටියේ, "අපි තවමත් පරීක්ෂාවට ලක් කර නැති නිසා, වෛද්‍ය උපකාර අවශ්‍ය නම් මිස අපව මෙහි පරීක්ෂාවට ලක්වන්නේ නෑ. ඒ නිසා සැබෑ ලෙසම, මා සතුව එය තිබේදැයි හා දන්නේ නැහැ. නමුත් මම කෙසේ හෝ හුදෙකලා වී සිටිනවා. එය නිවැරදි දෙයයි. අප සියලු දෙනා මේ පූර්වාරක්ෂාව ගත යුතු අතර සමාජයට සහයෝගය දැක්වීමේදී අපගේ කාර්යභාරය කළ යුතුයි. අප කළ යුතු එකම නිවැරදි දෙයයි." යනුවෙනි.
ඇය ජීවත් වන ස්වීඩනය තුළ කොවිඩ්-19 පැතිර යාමේදී යුරෝපය තුළ ස්වීඩනය හැසිරී තිබුණේ පිටස්තරයෙකු ලෙසිනි. විශේෂයෙන්ම වෙනත් අසල්වැසි යුරෝපා රටවල් මෙන් දැඩි සීමාවන් පැනවීමට කටයුතු නොකළ අතර, කාර්යබහුල වීදිවල වැඩ කිරීමට යන පුද්ගලයින් හෝ අවන්හල්වල ඇහිබැම ඉහළට ඔසවමින් කතාබහේ යෙදෙන අය දැකගත හැකිවිය.
එමෙන්ම විශ්වවිද්‍යාල සහ වැඩිහිටි සිසුන් සඳහා පාසල් දුරස්ථ ඉගෙනීම් සඳහා මාරු වී ඇතත් කුඩා දරුවන් දිගටම පාසැල් යන ආකාරය දැකිය හැකි විය. කොණ්ඩා මෝස්තරවල සිට අවන්හල් දක්වා ව්‍යාපාර - විවෘතව පැවතුනද, හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට මිනිසුන්ට උපදෙස් දී තිබුණි.
කෙසේ වෙතත් පසුගිය අපේ‍්‍රල් 7 වැනි දින එරට රජය විසින් පනතක් ඉදිරිපත් කරන ලද අතර එය ඉක්මණින් කි‍්‍රයාත්මක කිරීමට සහ අවශ්‍ය අවස්ථාවල තාවකාලික පියවරයන් පිළිබඳව තීරණ ගැනීමට ඉඩ සලසා තිබුණි. අපේ‍්‍රල් 1දා සිට වැඩිහිටි නිවාස වෙත යෑම තහනම් කරන ලද අතර, සෞඛ්‍ය හා සමාජ කටයුතු අමාත්‍යාංශය අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ ස්වීඩනයේ මේ වනවිට සමස්ත වෛරස ආසාදිතයන් 28,582ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 3,529කි.
මෙම වසංගතය ළමා අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් බවද ග්‍රෙටා තුන්බර්ග් මෙහිදී පවසා සිටියාය. කොරෝනා වෛරස වසංගතය ගෝලීය වශයෙන් දරුවන්ගේ සෞඛ්‍යයට හා ජීවන තත්ත්වයට බලපානු ඇතැයි පෙන්වා දුන්නාය.
"ළමයින්ටද මේ වෛරසය වැළඳී තිබෙනවා. ඔවුන්ද එය ව්‍යාප්ත කර තිබෙනවා. ඒ නිසා ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන මෙම වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි. මෙය දරුවන්ට ද බලපාන බව ජනතාව තේරුම් ගැනීමට අප වගබලා ගත යුතුයි."
ආසාදනය නොවන දරුවන්ට පවා වෙනත් ආකාරයකින් කොරෝනා වෛරසයේ බලපෑම දැනිය හැකි බව ඇය පැවසුවාය. නිදසුනක් වශයෙන්, පාසල් වැසීම, බොහෝ දරුවන්ගේ පෝෂ්‍යදායී ආහාර නොලැබීමේ තර්ජනයක් පවතනි බව ඇය කීවාය.
"ලෝකයේ බොහෝ දෙනෙකුට, පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව, සබන් ලබා ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන්ට නිවසේ රැඳී සිටීමට නිවසක් පවා නැහැ. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම බොහෝ දෙනෙකුට ඉතා අපහසුයි." තුන්බර්ග් පැවසුවාය.
"කොවිඩ් -19 වසංගතය අතරතුර යුනිසෙෆ් සංවිධානයට සහාය වීම සඳහා අපි නව ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. මේ ඕනෑම අර්බුදයකදී සෑම විටම වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගලයින් ළමයින්, විශේෂයෙන් දුගී රටවල සිටින ළමයින් ගැන අප අවධානය යොමුකළ යුතුයි." ඇය වැඩිදුරටත් පැවසුවාය.