මුඛ ආවරණයක් (මාස්ක්) පැලඳීම සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනාත්මකව අදහස් දැක්වූ ට්‍රම්ප් පසුගිය අඟහරුවාදා පැවති පළමු වැනි ජනාධිපති විවාදයේදී මුඛ ආවරණ පැලඳීමේ කාර්යක්ෂමතාව ගැන යළිත් උපහාසාත්මකව කතා කර තිබුණි.
එම විවාදයේදී තම සාක්කුවෙන් මුඛ ආවරණයක් පිටතට ගත් ට්‍රම්ප්, "මට අවශ්‍ය වෙලාවට මම මාස්ක් එකක් පලඳිනවා" යැයි කියා සිටියේ නිතර මුඛ ආවරණ පලඳින ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමච්චලයට ලක් කරමිනි.
"මම ඔහු වගේ මාස්ක් දාන්නේ නෑ. ඔබ ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු මාක්ස් එකකින් මුහුණ වහගෙන. ඒ නිසා ඔහුට අඩි 200ක් ඈතින් ඉඳන් වුණත් කතා කරන්න පුළුවන්. මම හිතන්නෙ දැනට ඇති විශාලතම මාස්ක් එකතුව ඔහු සතුව ඇති බව මා දැත තිබෙනවා." ට්‍රම්ප් තවදුරටත් ජෝ බයිඩන්ව සමච්චලයට ලක් කළේය.
කෙසේ වෙතත් දෛවයේ සරදමකට මෙන්, මුඛ ආවරණ පැලඳීමේ නිසි සෞඛ්‍ය උපදෙස් ගැන වඩාත් හොඳින් කටයුතු කළ ජෝ බයිඩන් නිරුපද්‍රිතව සිටිද්දී, ඒවා නොසලකා හැරි ට්‍රම්ප් මෙන්ම ජනපති ආර්යා මෙලානියාත් වෛරසය ආසාදිතව නිරෝධායනයට ලක්ව ඇත.