මගේ වචනය මම රකිනව - අගමැති රනිල්
තමන්ගේ වචනය තමන් රකින බවත් තමන්ට කළ හැකි දේ පමණක් කියන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශක් කරමින් පවසයි.
අග්රාමාත්යධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ. එසේම ඉදරියේ වංචා හා දූෂණ සම්බන්ධ නඩු කටයුතු වේගවත් කරන බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරීම සඳහා දැනටමත් දේශපාලන පක්ෂ හා සාකච්ඡා කර ඇති බවත් ඔහු පවසයි.
“රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. බහුතර සහයෝගයක් නැතිව අගමැතිවරයෙකුට රටක් ඉදිරියට ගෙන යන්නට බැහැ. ඒ වගේම අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අගමැති සහ ඇමතිවරු තනතුරු වලින් ඉවත් විය යුතුයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු වසර හතරහමාරක් යන තුරු විසුරුවා හැරීමට කිසිදු බලයක් කිසිවෙකුටත් නෑ. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වූ යෝජනාවක් මගින් පමණයි.
මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමේ වරද මැතිවරණයකට මුවාවී නිවැරදි කරගන්න බෑ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේද සඳහන් වෙනවා.
මම අද කියන්නෙත් ඒ දේමයි. හෙට කියන්නෙත් ඒ දේමයි. මගේ වචනය මම රකිනවා. කියන දේ කරනවා. කරන්න පුළුවන් දේවල් පමණක් කියනවා.
කළු මාධ්‍යකරුවන්ගේ බලපෑම් මධ්‍යයේ සත්‍යය වෙනුවෙන් සටන් කළ ජනමාධ්යවේදීටත්, සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුළු ලෝකයටම ඇත්ත ප්‍රකාශ කරන්නට ස්වේච්ඡාවෙන් දිවා රෑ වෙහෙසුණු සියළු දෙනාටත් මම මගේ ප්‍රණාමය පළ කරනවා.
කරන්න බැරි වුණු දේත් තියෙනවා. සමහර වැඩ කටයුතු වල වේගය බාල වුණා. සමහර වැඩ කටයුතු අවසන් කරගන්න බැරිවුණා. ඒත් අපේ කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා. අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා. විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කරනවා. විවිධ ජාතීන්ට සාමයෙන්, සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් අපි ඇති කළා. අපි සාමය හා සංහිදියාව වෙනුවෙන් නිරන්තරව කැප වෙනවා.
මේ වන විටත් අප විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ ගණානාවක් සමග සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුටම සාධාරණත්වය ඉටු වෙන දේශපාලන විසඳුමක් ගෙන ඒම සඳහා අපි දෙමළ ජාතික සංධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනවා.
ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා රට බෙදන එල්ටීටීඊ සංවිධානය සමග ගිවිසුම් ගහන්නට මම ගියේ නෑ, එදා මම මගේ මාතෘභූමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කළා. අදත් මම ඒ ප්‍රතිපත්තියෙන් වෙනස් වෙලා නෑ.”



popular news
-
rocky Sunday, 16 December 2018 06:50 PM
අනේ මහත්තයෝ, විජේදාස රාජපක්සව නම් පලාතට වත් ගන්න එපා. ලඟින් ගියොත් ඇහැක් නැහැ!
Reply : 0 1
Champa Sunday, 16 December 2018 07:06 PM
කවුරු එක්ක සාකච්චා කලත් විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ජනතාව ඉඩ දෙන්නේ නැහැ. මේ ලැබුනේ ජනවරමක් නෙමෙයි කියන එක හොඳට මතක තියන්න අගමැතිතුමා, තේරුනාද. ඔබට ජන වරමෙන් ලැබුණු අගමැති තනතුර නැති වෙලා ඉවරයි. මේ පාර අගමැති තනතුරට ජනවරමක් නැහැ. වුනේ ජනාධිපති ව්‍යවස්ථාව කඩ කරපු එකේ වාසිය ඔබට ලැබුණු එක විතරයි. මිනිස්සු කතා කලේ ඔබ වෙනුවෙන් නෙමෙයි. පාර්ලිමේන්තු සම්ප්රදාය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මහින්දට වුනත් විරුද්ධ වුනේ රට වෙනුවෙන්. නිදහස් සහ ස්වාධීන මැතිවරණ වලින් මිනිස්සු තීරණය කරන රටේ අනාගතය වැරදි පූර්වාදර්ශ වලින් ජනාධිපති බලය පාවිච්චි කරලා දේශපාලකයන්ට ඕනේ ඕනේ විදහට හරවන්න හදපු එකටයි විරුද්ධ වුනේ මිනිස්සු. ඒ හින්ද ඔය ඔබේ කතාවේ තියන ඒවා කරන්න ඔබට ජන වරමක් නැහැ. ඒවා කරන්න තිබ්බ වරම දැන් අහෝසියි. දූෂණ වංචා නඩුයි දේශපාලන පලිගැනීමුයි එකක් නෙමෙයි දෙකක්. ඔබ ඉස්සෙල්ල කරන්න ඕනේ ආනන්ද අලුත්ගමගේ, වසන්ත සේනානායක, සහ තව නම මතක නැහැ අබේසිරිද කොහෙද සහ එස් බී ඇතුළු මේ ගොල්ලන්ව අල්ලස් සහ දූෂණ කොමිසමට යොමු කිරීම සහ නඩු දැමීම.
Reply : 0 117
lion Monday, 17 December 2018 05:26 AM
අපි,ජනතාව පෙනී සිටියේ මේ රටේ ප්රජාතන්ත්ර වාදය වෙනුවෙන් නැතුව ඔබ මේ රටේ අගමැති පුටුවේ තියාගන්න නොවඊ. එය මතක තියාගන්න .ඔබේ ගජමිතුරු හොර තක්කඩි horu රැල ගැන මුළු රටම දන්නවා. උන් රාජපක්ෂලා වගේ රට කන්න පටන් ගත්තේ. ඔබ රවී වගේ හොරුන්ට ඇමති කම් දුන්නොත් එතමඊ ඔබේ අගමැති කමේ අවසානය. ඔබට ලැජ්ජා නැද්ද shiranithi ගේ ගෙදරට ගිහිල්ල තදුජින්ගේ නඩුව ගැන කට උත්තර ගන්න kiyannaa.ඔබ දන්නේ නැද්ද නීතිය ඉදිරිපිට කෞරුත් එකසමනඊ කියල. නීතිය සාමය ඇමති කම දැන්වත් SF ට දෙන්න රට බලන් ඉන්නේ ඒවගේ වැඩ දැන්වත් කරයි කියල.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

