මංගලටත් නොතේරෙන මිල සූත්‍රය
මිල සූත්‍රය පිළිබඳ තමාටවත් නොතේරෙන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. හෙතෙම මේ බව පවසා සිටියේ සිරිකොතදී අද(09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මිල සූත්‍රය පිළිබඳ එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඒ මහතා, "ඒකෙ මූලික පදනම තමයි සිංගප්පූරු ෆ්ලාට්ස්ට් ප්‍රයිස් එකයි ඩොලරයේ අගයයි. ඒ දෙක ගොනු කරගෙන තමයි ඒක හැදෙන්නේ. ජනතාව අවුල් වියවුල් වෙන්න විදියක් නෑ.
කරන දේවල් හැමදේම අපි තේරුම් ගන්න ඕනේ නැහැනේ. අපි දොස්තර මහත්මයෙක් නොවුණත් සමහර වෙලාවට අපි දන්නවා ලෙඩේට අදාළ විශේෂඥයා සූත්‍රයක් දුන්නොත් ඒක ඇත්තක් කියලා. ලෝක තෙල් මිල වැඩි වෙනකොට මෙය වැඩි වෙනවා. රුපියල ශක්තිමත් වෙනකොට ආයෙමත් මිල පහළ යනවා" යැයි පැවසීය.

popular news
-
Bandula. Tuesday, 09 October 2018 05:08 PM
දන ගියොත් කතරගම, නොදැන ගියොත් !!!!!!!!!!! අනේ මන්ද මේ වගේ යද රට පාලනය කරන්නේ. අපේ අහිංසක දුක ඔබතුමාලට තේරෙන්නේ නැහැනේ, කට කියන්නද මේ අවනඩු. මිනිස් දුක නොදන්නා යට සාප වේවා.
Reply : 0 1
Champa Wednesday, 10 October 2018 02:15 PM
දැන් තමයි තේරෙන්නේ නැත්තේ. මිල සූත්තරේ අහපු ගමන් බබා වුනා. හැබැයි මෙච්චර කල් ඒකේ හැටියට මිල වැඩි කළා. තව ආර්ථික ඔස්තාර්ලා කිව්වා ඉන්දියාවේ වගේ දවස ගානේ මිල වෙනස් වෙන්න ඕනේ. කාටත් නොතේරෙන මිල සූත්තරයක් කියන්නේ එතන වංචාවක් වෙනවා කියන එක. තේරෙන්නේ නැහැ කියල කිව්වහම වංචාව වැහෙනවා. මේ මිල සූත්තරේ හැදුවේ කවුද? හදපු තැන හොයා ගන්න ඕනේ ඉස්සෙල්ල. එක පාරක් ලෝකේ හොඳම මුදල් ඇමති ලොතරැයියකටත් මේ වගේ සූත්තරයක් ගෙන්න හැදුව. කාටවත් තේරෙන්නේ නැති මිල සූත්තරේ අහෝසි කරලා දන්නා ඕනේ. මිනිස්සුන්ව හූරගෙන කන මේ වගේ ආණ්ඩුවක් ලෝකේ කොහෙක්වත් නැතුව ඇති. කතා කරන්නේ නම් ලෝකේ හොඳම ආණ්ඩුව වගේ. හැබයි බැලු බැලු ඇත කොමිස් ගැහිලි, වංචාවල්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

