මංගල ඉවත් කරවා ගැනීමට රනිල් දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළා
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන නොසිටි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
මෙම දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බවත්, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් ඇති වන බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන හිටපු අමාත්‍යවරුන් විසින් මින් පෙර සාකච්ඡාවලට එක් වූ සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග ඊයේ (10දා) දිනයේදීද සාකච්ඡා කර තිබේ.
මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන හිටපු මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඉදිරියේදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

popular news
-
Hemantha Thursday, 11 June 2020 09:44 AM
අපි මේ වගේ විහිළුවලට කොඉ පැත්තෙන්ද හිනා වෙන්න ඕන කියල හිතාගන්න බැරුව ඉන්නේ. රනිල්ට එච්චර දෙයක් කරන්න පුලුවන්නම් හැමදාම විපක්ෂයේ ඉන්න ඕනද? නිකම් හිල් බැලුම් බුම්බන්න හදන්න එපා.
Reply : 5 67
Deepal Nirosh Thursday, 11 June 2020 11:18 AM
දේශපාලඥයෙක් විදියට ඇත්තක් එළිපිටම ප්‍රකාශ කළ දුර්ලභ අවස්ථාවක්. මේකෙන් පැහැදිගි වන අනික් වැදගත් කාරණය තමා එජාපයටත් සමඟි ජන බලවේගයටත් ප්‍රධාන ප්‍රතිවාදියා අනෙකා මිසක ශ්රීලංපොජපෙ නොවන බව.
Reply : 2 5
mahendra wijeratne Monday, 15 June 2020 05:57 AM
this is the man who made a deal with Gota to issue new sri lanka passport you fat man you think you will win at elections stupid double srosser
Reply : 1 4
Pushpakumara Tuesday, 16 June 2020 06:45 PM
නායකයින් කොතරමි පුරසාරමි දෙඩුවත් පාක්ෂිකයා ඉන්නේ කොතැනද යන්න පෙන්වීමට ඉඩ සලසා දුන් සමගි බලවෙිගයට ස්තුතියි
Reply : 7 1
anura Wednesday, 17 June 2020 07:53 PM
2015 එයා කළේ ඔය සෙල්ලමම තමයි. ගිය පාර බාගත්ත මාළුවා නිකම්ම නිකම් ලූලෙක්, නමුත් මේ මොරෙක්, මල්ලට බැහැලා අනික් මාළුත් ගිලලා අන්තිමට බිලී බාගත්තු මනුස්සයත් ගිලලා අයෙත් මූදට පනී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

