භික්ෂූන් වහන්සේ සිවු නමකට වරෙන්තු
රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා යටතේ භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අධිකරණය නියෝග කර තිබේ.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට මෙසේ වරෙන්තු නිකුත් කෙරුණි.
පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව මෙම වරෙන්තු නිකුත් කෙරිණි.
popular news
-
Champa Friday, 31 August 2018 02:27 PM
මොකක්? රටේ මොන තරම් දරුණුවිධ අපරාධකාරයෝ ඉන්නවද? එවුන්ට මුකුත් නැහැ. රජයේ දේපල මහා පරිමාණයෙන් ගසා කනවා. දරුණු අපරාධකාරයෝ නිදැල්ලේ හැසිරෙනවා. මහදවල් මහබැංකුව කොල්ල කාපු මහ බැංකු හොරා නිදැල්ලේ. වහල් ආණ්ඩුව රටේ දේපල විකුණලම දානවා. රණවිරුවෝ වෙනුවෙන් කතා කලොත් රට වෙනුවෙන් කතා කලොත් නඩු. අර විජයකලාට තාම කිසි නඩුවක් නැහැ. විග්නේශ්වරන්ට කිසි නඩුවක් නැහැ. ආණ්ඩුව ඒවා නිකම් ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. දැන්නම් හාමුදුරුවරු ආණ්ඩුවට දැනෙන යමක් කල යුතුයි. ආණ්ඩුවේ පාලකයන් ඉන්න සියලු උත්සව හාමුදුරුවරු වර්ජනය කර විරෝධය පෑ යුතුයි.
Reply : 157 22
Deepal Nirosh Friday, 31 August 2018 04:01 PM
කවුරු කැ ගැසුවත් කමක් නෑ, පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමිගේ අත්හදා බැලීම ඉතා සාර්ථකයි. ඒකවත් පාඩමකට අරගෙන මේ හාමුදුරුවරු හැදෙන්න සූදානම් නැතිනම් ඒ ඉරණමමයි අත් කර දිය යුත්තෙ.
Reply : 0 0
ravi Friday, 31 August 2018 06:18 PM
මොන හාමුදුරුවෝ උනත් ... නීතයට එරෙහි වීමේදී දඬුවම් ලැබිය යුතුයි .. මේවා මෙහෙම නොවුනොත් .. බුදුරජාණන් වහන්සේගේ ධර්මය .. විනාශවෙලා යනවා . අපිට හාමුදුරු වරුන්ගෙන් වැඩක් නැහැ .. අපිට අවශ්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ අපගේ .. බෞද්ධ කම ආරක්ෂා ගැනීම පමණයි .
Reply : 0 31
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
