මුදල් අමාත්‍යාංශයේ ප්රවෘත්ති අධ්යක්ෂ මොහොමඩ් අල් හසන් බෝර 12 ගිනි අවි සඳහා යොදන ජීවන උණ්ඩ 93 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මල්වානේ පිහිටි ඔහුගේ නිවසේදී අද පෙරවරුවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
යුද හමුදාව හා පොලීසිය ඒකාබද්ධව බියගම පොලිස් වසමේ කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර ප්රවෘත්ති අධ්යක්ෂවරයා බියගම පොලීසියේ රඳවාගෙන සිටියි.
ඉන්දික හේවාවිතාරණ/බිමල් ශ්‍යාමන්
