බොරු ප්‍රචාර ගෙනියන්නේ බුද්ධි තොරතුරු වලින් අපි ඉදිරියෙන් සිටින නිසයි - ඩලස්
ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ දිස්ති්රක 22 න් 16ක් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .
අද (12) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය .
එහිදි වැඩිදුරටත් අදහස් පළකල ඒ මහතා ,
‘‘ මෙරට බුද්ධි සේවාවන් දින 6කට පමණ පෙර රාජ්‍ය නායකයන්ට දුන්නා 17 වෙනිදා මොකද වෙන්නෙ කියලා . ඒ බුද්ධි වාර්තාවේ මම පරිච්ජේද 3ක් විතරක් කියන්නම් වගකිමෙන් යුතුව. ලංකාවේ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 යි තියෙන්නෙ. ඒ 22 න් ඒකාන්ත වශයෙන්ම 16 ක් ජයග්‍රහණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව සඳහන් වෙනවා . මාධ්‍යම පළාතේ එක් දිස්ති‍්‍රක්කයක් තියෙනවා කරට කර තියෙන. නමුත් දිස්ති‍්‍රක්ක 16 ක් ජයග්‍රහණය ස්ථිරයි . මෛති‍්‍රපාල සිරිසේන මහතා ජනවාරි 8 වෙනිදා ජනපති වෙන්න දිනුවේ දිස්ති‍්‍රක්ක 22 න් 11 ක් විතරයි. ඒක අමතක කරන්න එපා .
දැන් දෙවැනි පරිච්ජේදයේ මොකක්ද තියෙන්නේ . ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන දිස්ති‍්‍රක්ක 16 න් 13ක් එකම මැතිවරණ කොට්ඨාසයක්වත් සජිත් පේ‍්‍රමදාස මහතාට ජයග්‍රහණය කළ නොහැක . මාතර , ගාල්ල , හම්බන්තොට , අනුරාධපුර , රත්නපුර , කැගල්ල , ගම්පහ ඇතුළු දිස්ති‍්‍රක්ක 13 ක් ජයග්‍රහණය කරනවා . ඒ වාර්තාවේ 3 වැනි පරිච්ජේදයේ තියෙන්නේ ලංකාවේ මැතිවරණ කොට්ඨාස 160 යි තියෙන්නේ. ඒ 160 න් 119ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව සහ තවත් 9 ක් කරට කර සටනක් තියෙනවා.
එදා මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ජයග්‍රහණය කළේ මැතිවරණ කොට්ඨාස 160 න් 71 විතරයි . එහෙනම් 17 වෙනිදට ඉර පායන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ කියලා වගකිමෙන් ප්‍රකාශ කරනවා .
ඊඟාවට කියන්න ඕන අන්තිම පැය 72 සජිත් පේ‍්‍රමදාස මහත්තයා අලූත් අ ලූත් දේවල් ටිකක් එළියට දාවි . හරීන් ප්‍රනාන්දු මහත්තයා ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය අහෝසි කරගෙන නැලූ දිනුවත් පරාදයි ලූ දිවුරුම් දෙන්න බැලූ . ඒක විශ්වාස කරගෙනද දන්නේ නැහැ ස්වාමින් වහන්සේ නමක් උපවාසයක් ආරම්භ කරලා තියෙන්නේ . මේ වෙන මොකක්වත් නෙමෙයි මෙච්චර මඩ ප්‍රචාර යවන්නේ බුද්ධි තොරතුරු එළියට ආපු නිසයි . නමුත් අපි කියනවා සජිත් පේ‍්‍රමදාසට , දිනන්න පුළුවන් පරදින්න පුළුවන් එත් මෙච්චර පහතට වැටෙන්න එපා කියලා කියන්න ඕනි ලැජ්ජයි ’’ යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.

popular news
-
බුද්ධික Tuesday, 12 November 2019 06:39 PM
එතකොට සිටින ජනාධිපතිතුමා කිව්වේ බොරුද.
Reply : 0 1
සුරබියෙල් Tuesday, 12 November 2019 06:44 PM
පොහොට්ටුවේ කට්ටියගේ වැඩකිඩ දැක්කම ඇත්ත කියල හිතෙනවා.මාවනැල්ලේ ආභාධිත තරුණියක් කෙලෙසුවා.මහියංගනය පැත්තේ එජාප මන්ත්රීණියකට පහර දුන්නා.මෙවැනි දේවල් අනන්තවත් කරන්නේ ඔවුන්ට ජයනියතයි කියල දැනගෙනම තමා
Reply : 0 1
Champa Tuesday, 12 November 2019 06:52 PM
අනිත් ඒවා මඩ ප්‍රචාර. හැබැයි පුරවැසිභාවය ගැන ප්‍රශ්න කරන එක මඩ ප්‍රචාරයක් නෙමෙයිනේ. ඒක ජනාධිපති ධූරයට ඉල්ලන්න අවශ්‍ය ප්‍රධාන requirement එකක්නේ. ප්‍රශ්න අහනවට බයද? මම ගෝඨාභයගේ චන්ද ප්රචාරයේ දැක්ක දෙයක් තමයි වේදිකාවේ කරන කතාවල මහින්ද රාජපක්ෂ නම කියවෙන්නේ නැති එක. වෙන එකක් තිය විමල් වත් ගම්මන්පිලවත් කියන්නේ නැහැනේ. මොකෝ වාරණයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

