බොරලැස්ගමුව අනතුරේ වෛද්‍යවරියට ඇප
බොරලැස්ගමුව, පැපිලියානේදී රිය අනතුරක් කර පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්කිරීමේ සිදුවිමට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංග මහත්මියට අද (30දා) ඇප ලබාදීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම අනතුරින් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සේවය කළ, පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා ජීවිතක්ෂයට පත්විය. සැකකාරිය ලක්ෂ පහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

popular news
-
Champa Tuesday, 30 October 2018 04:37 PM
යකාගේ නීතියක් නේ මේක? දොස්තරවරුන්ට එක නීතියක්. සාමාන්‍ය ජනතාවට එක නීතියක්. බීල වාහනයක් එලවල මදිවට, මාර්ග නීතිත් කලා මදිවට, මිනිමරුමකුත් කරලා දොස්තර නිකම්ම ගෙදර යනවා. තව දොස්තර කෙනෙක් රෝගී කාන්තාවකට කාලයක් තිස්සේ දරුණු ලිගික අතවර කරලා අත් හිටවූ හිර දඬුවමක් ලැබිල ගෙදර යනවා. තව දොස්තර කෙනෙක් රාජකාරී වෙලාවේ, ලෙඩ්ඩුනට බෙහෙත් නොදී ඉස්පිරිතාලේ වැටිලා ඉඳල ගෙදර යනවා. මිනිහගේ වැඩ තහනම් කලාද නැත්ද? නීතිය අවනීතිය වෙලා.
Reply : 0 0
Nandana Tuesday, 30 October 2018 05:04 PM
මේක නරක පුර්වාදර්ශයක්, මෙයා රෝහලේ ඉඳන් ඇප ගත්ත
Reply : 0 0
Lion Tuesday, 30 October 2018 05:33 PM
බීල car එලවල ahinskayek marala බොරුවට රෝද පුටුවේ එනව . තමුන් කාටද බොරුකරන්නේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

