බේරුවල හෙරොයින් තොගයට දේශපාලනඥයන් සම්බන්ධදැයි සොයා පරීක්ෂණ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවට ගෙනා හෙරොයින් කිලෝ 231ක තොගය හෙරොයින් කිලෝ 400ක තොගයකින් කොටසක් බවත්, එම තොගයෙන් හෙරොයින් කිලෝ 169ක පමණ තොගයක් ජාවාරම්කරුවන් විසින් සීෂෙල්ස් රාජ්‍යයට හා ඩුබායිවලට යවා ඇති බවටත් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු හෙළි කරගෙන තිබේ.
අදාළ හෙරොයින් තොගය ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන යාත්‍රාවකින් ලබාගත් බවත්, ඉන් කොටසක් සීෂෙල්ස් රාජ්‍යයට හා ඩුබායිවලට බෝට්ටු මගින් යැවූ අතර, අදාළ තොගය ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගොඩබිමට ගෙනා බවත් සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ.
ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වන හෙරොයින් තොගය කිසිදු දෙයක් කලවම් නොකරන ලද ඒවා බවත්, එම හෙරොයින් කිලෝවකින් හෙරොයින් කිලෝ 08ක් නිෂ්පාදනය කරන බවත් අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් විසින් තොරතුරු හෙළිකර තිබේ.
මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, මෙම පිරිස හා දේශපාලනඥයින් අතර යම් යම් සබඳතා පවතින්නේද යන්න පිළිබඳ පරීක්ෂා කෙරෙන අතර, සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර නාවික සැතපුම් 03ක් දුරින් වූ මුහුදු ප්‍ර‘දේශයේදී රුපියල් කෝටි 277.8කට (මිලියන 2778කට) අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගය පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

popular news
-
janahitha Tuesday, 11 December 2018 09:39 AM
මේවා කවලම් නොකරන ලද ඉස්තරම්ම ඒවා නම් විදිමත්ව බෙදා හරින්න අර හිටපු ඇමති තුමාගේ ලේකම්ට බර දෙන්න අහිංසක මවකුත් දුවකුත් මේවා නිසා ගාතනය උන
Reply : 1 0
rocky Wednesday, 12 December 2018 01:55 PM
කලවම් නොකරන ලද ඉස්තරම් ඒවා නම් ඒවා ගෙන්වපු පුද්ගලයාට රාජ්‍ය සම්මානයක් පිරි නැමීම සුදුසුයි. මේවා පිරිසිදු හෙළ උරුමයේ සංකේතයක් හැටියට වුනත් යොදා ගන්න පුළුවනි. චන්දයට පෙර පොහොට්ටුවේ ප්‍රාදේශීය උත්තමයන් හරහා ගම් මට්ටමින් නොමිලයේ බෙදා හැරීමට පංකාදුයි! `ගහපු ගමන් නාග සලන්!`
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
