බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. බෙලිඅත්ත ප්රාදේශීය සභාවේ සිදුවූ පහරදීමකට අදාළව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.
පසුගිය 18 දා මෙම පහරදීම සිදුව ඇති අතර සැකකරු අද (22දා) බෙලිඅත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (22දා) තංගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.