දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (01දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 6790ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පසුගිය 05 දා උදෑසන 6.00 සිට මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ. 01 දා උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති රියදුරන් සංඛ්‍යාව 131කි.
බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 5 දා ආරම්භ කළ මෙහෙයුම එළැඹෙන 05 දා තෙක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
