දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (20දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 4103ක් බව පොලීසිය පවසයි.
ඊයේ (19දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 224කි.
මෙම මෙහෙයුම් පසුගිය 05 දා සිට ආරම්භ කළ අතර එය මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.
