බිම්බොම්බයක් පිපිරීමෙන් තරුණයෙකු මරුට
මුලතිව්, මාන්කුලම, මල්ලාවි මාර්ගය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී ඊයේ (03) සවස බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පැවසීය.
බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති අතර බ්ම්බෝම්බ ඉවත් කිරීමේදී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවට පොලීසිය කියා සිටියේය.
කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි ආර්. නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇත.
තුවාලකරු වැඩිදුර පතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල වෙත යොමු කොට ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
