බැඳුම්කර වංචාවේ ඉතිරි නම් සතියකින්
සතියක් ඇතුළත බැඳුම්කර වංචාවේ ඉතිරි නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27දා) පැවසීය.
දැනට අරලියගහ මන්දිරයේ සිට මාධ්‍ය සාකච්ඡා පවත්වන කීදෙනෙකු බැඳුම්කර වංචාවෙන් යැපී තිබේදැයි එවිට රටටම බලාගත හැකි බවද මන්ත්‍රීවරයා කීවේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම මුල සිට බැඳුම්කර වංචාවට විරුද්ධ වූ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාට කිසි දිනෙක අගමැති ධුරය ලබානොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් බවත්ය.

popular news
-
rocky Wednesday, 28 November 2018 06:04 AM
බොහොම හොඳයි. අලෝසියස්ගෙන් ගතමන්ට් ලබා ගත්ත අයගේ නම් ලැයිස්තුවත් එලිකලොත් වඩාත් හොඳයි නේද?
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
