බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ බව ප්‍රධානීන් තවමත් නිදහසේ සිටින බව රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය.
ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා (28දා) පෙරවරුවේ කොළඹ පිහිටි අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් මේ බව පැවැසීය.
“පසුගිය කාලය තුළ අපේ රටේ ආර්ථිකය විශාල ලෙස අද වැටුණා. සංවර්ධන මට්ටම පහළ වැටුණා. ආර්ථික සංවර්ධන වේගය ශක්තිමත් කිරීමට මුලිකව කටයුතු කළ යුතුයි. අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වන සුවිශාල කාර්යභාරයක් මේ අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා.
අපි දන්නවා , ගමේ ආර්ථිකය කඩා වැටිලා, ග්‍රාමීය නිෂ්පාදකයින්ට වෙළඳපොළක් නැතිවෙලා, ගොවියන් ගොවිතැනින් ඈත් වෙලා, ගොවියන් අද අදායම් නොලබන තත්වයකට පත්වෙලා තිබෙන්නේ. විදේශීය නිෂ්පාදන ලංකාවට ගෙනල්ලා ලංකාවේ නිෂ්පාදන ලෙස විකිණිමට කටයුතු කිරීමේ පාප කර්මයේ ප්‍රතිපලයක් වශයෙන් අද රටේ ජනතාව ආර්ථික වශයෙන් අසහනයකට පත්ව තිබෙනවා.
ඒ නිසා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන්නට මුලික පියවර ගත යුතුව තිබෙනවා. ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, ගොවින් සඳහා අවශ්‍ය උපකරණ, පහසුකම් මෙන්ම තාක්ෂණික දැනුම ලබාදීම මගින් ගොවිතැන දියුණු කරන්න, ග්‍රාමීය නිෂ්පාදන දියුණු කරන්න, ග්‍රාමීය කර්මාන්ත දියුණු කරන්න අපි කටයුතු කළ යුතුයි.
බැදුම්කර වංචාවේ පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා,
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියා පටිපාටියක් අපි යෙදුවා නමුත් ඒ ප්‍රමාණවත් නැහැ. බැඳුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන අය තාමත් නිදැල්ලේ සිටින්නේ, ඒ නිසා ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.




