බැඳුම්කර කොමිසට තිබූ සද්දේ ශ්‍රී ලංකන් කොමිසටම නෑ
බැඳුම්කර කොමිසම පිළිබඳව මාධ්‍ය වාර්තා කළ ආකාරයට ශ්‍රී ලන්කන් හා මහින් ලංකා කොමිසම පිළිබඳව වාර්තා නොකරන බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. වැලිමඩදී පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“2008 වර්ෂයේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය එමිරේට්ස්ලගෙන් අපි අතට ගන්න කොට මිලියන 8000 ක්, දශ ලක්ෂ අට දාහක්, ලක්ෂ 80,000 ක් ලාභ උපයපු තැනක්.
අද මොකද තත්වය අද මේ 2020 වන විට මතක තියා ගන්න මිහින් ලංකා එකයි ශ්‍රී ලංකන් එකයි, දැන් කොමිසමක් එහෙමත් දාල තිබෙනවා. අර බැඳුම්කර කොමිසට තිබූ සද්දේ ශ්‍රී ලංකන් කොමිසටම නෑ මාධ්‍යවල.
නමුත් මතක තියා ගන්න රුපියල් බිලියන 200 කට වැඩිය පාඩු වෙලා තිබෙනවා. මේ 2008 දී. මේ රටේ ජනතාව කෝටි 2. කෝටි 20,000 යි පාඩුව. අපි හැමෝමත්, උප නූපන් අයත් රුපියල් දහ දාහක් ගෙවන්න වෙනවා 2020 වන විට.
ශ්‍රී ලංකන් එක පාලනය කරපු ඒ කළමනාකාරීත්වයේ පවු ගෙවන්න. අන්න ඒවා තමයි විනාශකාරී රාජ්‍ය ආයෝජන”
popular news
-
Champa Thursday, 06 September 2018 02:10 PM
අපිට මොනවාද කියන්නේ? ඔය කතා කරන්නේ චම්පිකත් ඇමති කෙනෙක් වෙලා හිටපු පහුගිය ආණ්ඩුව ගන්නේ. මම දන්නා විදිහට මේ ආණ්ඩුව වගේ නෙමෙයි ඒ ආණ්ඩුව හැම දේම කලේ කැබිනට් අනුමැතිය ඇතුව. රනිල් වගේ කොලේ වහල මහින්ද කිසි දෙයක් කලේ නැහැ. නියමිත විදිහට කැබිනට් අනුමැතිය අරන් කලේ. ඒ කාලේ ඇමතිවරු කවුරුවත් ඒවා දැන ගත්තේ පත්තරෙන් නෙමෙයි හින්ද ඔබත් ඇතුළුව මෛත්‍රීත් ඇතුළුව අනුමැතිය දුන්නු හැම ඇමතිවරයෙක්ම වග කියන්න ඕනේ. වාසියට පැත්ත මාරු කළා කියලා දෙන්නටම ඒවායින් ගැලවෙන්න බැහැ. ---- හරි නම් ඉස්සෙල්ල කරන්නේ ඕනේ බැඳුම්කර කොමිසමේ මිනිස්සුන්ට දඬුවම් දෙන එක. ඒකරන්න වෙන හින්ද ඒක වහන්න මේ ශ්‍රී ලන්කන් කොමිසම් ගනැල්ල තියෙනවා. ඉස්සෙල්ල පටන් ගත්ත දේ ඉස්සෙල්ල ඉවර කරන්න.
Reply : 14 0
mahinda Thursday, 06 September 2018 04:07 PM
හරියට හරි. මමත් අහන්නේ කෝ අර හැම දාම පිටු ගණන් ලියපු පත්තර ? බොන්ඩ් මඩේ දදා හෝදපු අය කිසිම සද්දයක් නැහැ ශ්‍රීලන්කන් කොමිසම වාර්තා කරන්න.
Reply : 0 9
Bandula. Thursday, 06 September 2018 04:42 PM
දැන් ඔය කියන එකක්වත් මතක නැහැ, බදුම්කරටත් වෙච්ච දෙයක් නැහැ නේද. එනවා කනවා යනවා, කට කියන්නද මේ අවනඩු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
