නොබෝ දිනක දීම එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා හමුවීමට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
දෙපාර්ශවයේම යහපත සහ සමෘද්ධිය පතා දෙරට විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා සහ සහයෝගීතාවන් වෙනුවෙන් තම ආණ්ඩුව ප්රමුඛ ශ්‍රී ලාංකික ප්‍රජාව කැපවීමෙන් කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන වෙළඳපොළ සහ සංචාරක පැමිණීම් අතින් ගත්කල තෙවැනි විශාලතම රාජ්‍යය වන එක්සත් රාජධානිය, ආර්ථික සහකරුවෙකු වශයෙන් ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනද අග්‍රාමාත්‍යරයා පවසයි.
එසේම , නව අග්‍රාමාත්‍යතුමාගේ විශිෂ්ඨ නායකත්වය යටතේ දෙරට අතර පවත්නා සබඳතා වඩා ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළකරන බවත් අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවිඩියේ වැඩිදුරටත් දැක්වෙයි.
