බස්නාහිර සැහැල්ලු දුම්රිය පද්ධති 7ක්
බස්නාහිර පළාත වෙනුවෙන් සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එම මාර්ග පද්ධති 7න් එක් මාර්ගයක් ජපන් රජයේ ආධාර ඇතිව ජයිකා මූල්‍යනය යටතේ ක්‍රියාත්මක බවත් ශ්‍රී ලංකාවට සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් හඳුනාගෙන ඇති බව බස්නාහිර හා මහද්ධතියක් හඳුන්වාදීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කි‍්‍රයා කරමින් සිටින බවත් අනෙකුත් මාර්ග 6 පැකේජ තුනක් ලෙස සංවර්ධනය කොට පෞද්ගලික හා රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධව වෛද්‍යරත්න මහතා පවසයි.
“ මේ සඳහා අභිලාෂය කැඳවීමේ දී විදේශීය සමාගම් 17 ක් මේ සඳහා කැමැත්ත පළකොට තිබෙනවා. මේ සමාගම් අතරින් අපි වඩාත් සුදුසු සමාගම් 6 ක් තෝරාගෙන මෙම සමාගම් 6 වෙතින් ආයෝජන සැලසුම් කැඳවීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කළා.
එම සමාගම් සඳහා අවශ්‍ය ආයෝජන කැඳවීමේ සටහන ඔවුන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ අධ්‍යයන විශ්ලේෂණ කටයුතු වලින් අනතුරුව ආයෝජන සැලසුම් අපවෙත ලබාදීම සඳහා 2019 පෙබරවාරි මස දක්වා ඔවුනට කාලය ලබාදී තිබෙනවා. ඉන් පසුව එම අදාල සමාගම තෝරාගෙන මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා 2019 අග භාගය වන විට බලාපොරොත්තු වෙන බවද පැවසීය.
එම පැකේජ තුන යටතේ, එක් සැහැල්ලූ දුම්රිය මාර්ගයක් රාගම, කඩවත, කොටුව, බම්බලපිටිය හරහා කිරුලපන දක්වා කි.මි. 33 ක් දිගැති මාර්ගයකුත්, හරිත මාර්ගය හැටියට කැළණිය,දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට, නුගේගොඩ හරහා මොරටුව වෙත කි.මි. 28.3 ක් දිගැතිවත්, නිල් පැහැති මාර්ගය ලෙස හුණුපිටිය ටයර් හන්දිය, කොස්වත්ත හරහා කොට්ටාව වෙත කි.මි.22.3 ක් දක්වාත් සිදු කිරීමට නියමිතයි. මෙම මාර්ග තුන පෞද්ගලික - රාජ්‍ය හවුල්කාරී පදනම යටතේ පුද්ගලික ආයෝජනය සඳහා ලබා දෙනවා”

popular news
-
Champa Tuesday, 23 October 2018 04:23 PM
මේ හදන්නේ ගමනාගමනයත් පෞද්ගලීකරණය කරන්න. ලංකාව වගේ රටක, විදුලිය, ජලය, සෛඛ්‍යය, අධ්‍යාපනය සහ ගමනාගමනය කියන මේ සේවා 5 අනිවාර්යයෙන්ම රජය යටතේ තියෙන්න ඕනේ. මේවා කරන්නේ තනිකරම කොමිස් ගැහිල්ලට. පෞද්ගලිකරණය කරපු ගමන් ගාස්තු පාලනය කරන්න රජයට බැහැ. තනිකරම සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කිරීමක් වෙන්නේ. මේ ගාස්තු ගෙවන්න පුළුවන් තරමට රජයේ සේවකයාගේ වැටුප වැඩි වෙන්නේ නැහැ. වෘත්තීය සමිති මේවට විරුද්ධව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ තමන්ගේ වැටුප වැඩි කරගන්න විතරයි. ඊළඟට පාරවල් ටිකයි පොදු ප්රවාහනයයි දෙකම පාලනය කරන්නේ පෞද්ගලික අංශය. මේවා හොඳයි ඉතා දියුණු රටවලට. ලංකාව වගේ රටවලට නෙමෙයි. මේ රටේ මිනිස්සු වැඩි හරියක් තාම ජීවත් වෙන්නේ සුබ සාධන මත. බැංකු නය මත. එහෙම රටකට ප්‍රවාහනය PPP කරන එක ගැලපෙන්නේ නැහැ. සේනසිංහ කිව්වා දේශපාලනය ගැන කලකිරිලා අයින් වෙනවලු. ඒ වගේ තව "කලකිරෙන" අය ඉඳියි ඉස්සරහට. ගහන්න ඕනේ තරම් කොමිස් ගහල හොඳට හම්බ කර ගත්තට පස්සේ UNP දේශපාලනේ ඉන්න වැඩක් නැහැ තමයි. ආණ්ඩුව රට ඇදලා දන්නේ ආයේ ගොඩ ගන්න පුළුවන් අගාධෙකට එහෙම නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂේ ගුටිකෙලි යන අතරේ වහල් ආණ්ඩුව මුළු රටම විදෙශීයකරණය කරනවා.
Reply : 15 10
hemantha Thursday, 25 October 2018 12:44 PM
චම්පා, කරුණාකරලා දන් නැති ඒවාට කොමෙන්ට්ස් නොදා ඉන්න, අපිව හිනස්සන් නැතිව.
Reply : 8 123
silva Friday, 26 October 2018 11:31 AM
මොනවා උනත් හරිත මාර්ගයේ මොරටුව කොටස තේරුමක් නැහැ.. නුගේගොඩ හරහා මොරටුවට ඔක්කොම මගීන් 1000ක් වත් නැහැ කාර්ය බහුල වෙලාවෙවත්.... මොරටුව හෝ පානදුර සිට කෙලින්ම ගාලුපාරට සමාන්තරව කොටුවට තමයි මේවගේ සැහැල්ලු දුම්රියක් ඕන... ...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

